jump to navigation

අපි ඇත්තටම නිදහස් රටක් ද ? 2011 පෙබරවාරි 3

Posted by Alchemiya in ඔබට හිතන්න යමක්, මම නොදන්න දේශපාලනය.
trackback

මම මේ ලිපිය ලියනවිට ශ්‍රී ලංකාවේ 63 වන නිදහස් උළෙල කතරගම නගරයේදී අභිමානයෙන් පැවැත්වෙනවා ඇති… ඒත් රටේ වන සිද්ධි දිහා බැළුවම ඇත්තටම ශ්‍රී ලාංකිකයා නිදහස් ද කියලා මට නම් දෙපාරක් තුන්පාරක් නෙවෙයි දහපාරක් වත් සිතන්න වෙනවා.

අද ශ්‍රී ලංකාව නම් දැනට වසර එකහමාරකට තිබුණාට වඩා සාමකාමියි, නිදහස්. ඒ රටේ සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය දිහා බැළුවාම…. උදේ ගෙදරින් වැඩට යන මනුස්සයා බෝම්බෙකින් මැරෙන්නේ නැතුව ආයේ ගෙදර ඒවි කියලා ගෙදර ඉන්න අයගේ හිත් සැනසීමෙන් ඉන්න පුළුවන් තත්ත්‍වයට රට නිදහස්….

නමුත්, ඇත්තටම අපි නිදහස් ද ? අපි සිතිවිලි වලින් නිදහස් ද ? ආර්ථික වශයෙන් ? දේශපාලනික වශයෙන් ? ආකල්පමය නිදහසක් ? තමන් කැමති කර්මාන්තයක් කප්පං නොදී කරගෙන යාමට නිදහසක් ? අල්ලස් නොදී  වැඩක් කරවාගැනීමේ නිදහසක් අපට තියෙනවා ද ? කතා කිරීමට, රිසි ලෙස ලිවීමට, නිදහසක් තියෙනවාද ? ඉස්සරට වඩා දැන් නිදහස තියෙනවා නේද කියලා යමෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඔව් 88-89 කාලෙට වඩා නම් දැන් දහගුණයක් හොඳයි.

දේශපාලනික නිදහස.

දේශපාලනිකව නම් මම පෞද්ගලිකව සිතන විදියට ටිකක් නිදහස අඩුයි. ආණ්ඩු පක්‍ෂයට ආවඩනවා නම් නිදහස උපරිමයි. නමුත් විපක්‍ෂයේ නම් නිදහස සීමිතයි.  මර්වින් සිල්වාට ආයුධ අරගෙන රටේ ඕනෑම තැනක යන්න පුළුවන්, නමුත් අන්තරේ කැඳ හදන තරුණයා ආයුධ ඇතැයි සැකපිට අත්අඩංගුවට අරගෙන ආයුධ හොයාගෙන නැතුවත් තවම පරීක්‍ෂණ කරනවා. රටේ මැති ඇමති වරු වැහි වැහැලා, නමුත් රටේ ජීවන වියදම අහස උසට. ඇමතිවරුන්ට කෝටි ගණන් මුදල් වෙන් කෙරෙත්දී ගංවතුරෙන් අනාථ අයට වෙන් කෙරෙන්නේ සොච්චමයි.  මේ ගැන ලංකාවේ ඉන්න අය මට වඩා හොඳට දන්නවා.

අධ්‍යාපනය.

අධ්‍යාපනය නම් තවමත් නිදහස්, නමුත් දරුවන්ට නිදහසේ අධ්‍යාපනය කරගෙන යන්න පුළුවන් ද?  බොහොමයක් අධ්‍යාපන ලොක්කෝ අධ්‍යාපනය ගැන මෙලෝ හසරක් නොදන්න දේශපාලන හෙංචයියෝ. කරන තරමක් කරන්නේ මැටි වැඩ. සාමාන්‍ය පෙළ 51% ක් ගණිතය අසමත් කියලා ප්‍රශ්න පත්‍ර පහසු කරන්න යන ජාතියේ අධ්‍යාපනඥයෝ ඉන්න රටක් මේක.  බොහොමයක් විෂය මාලා තවමත් පැරණි තත්ත්‍වයේ පවතින්නේ. අළුතෙන් දැනුමක් එකතු වෙන්නේම නැති තරම්. ඒ වගේමයි ගුරුවරුන්ගේ දැනුම ඇගයීමකට ලක් නොවෙන නිසා ගුරුවරුන් පරණ පුරුදු විදියටම උගන්වාගෙන යනවා. අළුත් අළුත් ඉගැන්වීම් ක්‍රම කෙරෙහි අවධානයක් යොමු වන්නේ නැහැ.

ආකල්පමය නිදහස.

ආකල්පමය වශයෙන් නම් අපූරුව නිදහසක් අපි භුක්ති විඳිනවා. පිටරටින් එන හැම කුණුගොඩම අපේ ආකල්පවලට එක් කරගන්න තරම් තරුණ පරපුර නිදහස්. ගිණි මද්දහනේ උණුසුම් කබා දාගෙන සින්දු කියන්න තරම් අපේ තරුණ ගායකයෝ නිදහස්. පවුල් අවුල්, හොරකම්, මැරකම්, වංචා දූෂණ සියල්ලන්ටම හෝයි ගාලා පෙන්නන්න තරම් අපේ විරූපවාහිනී නාලිකා නිදහස්. ඉගෙනගන්නවාට වඩා සුපර් ස්ටාර් කෙනෙක් වෙන එක ලේසියි කියලා කුඩා ළමයින්ට පවා ඇඟට දනවන්න තරම් රූපවාහිනී නාලිකා නිදහස්. ලියන්න කියන්න නම් තවමත් තරමක් නිදහසක් තියෙනවා. කවුරු කළාද කියලා නොදන්න නමුත් සමහර විකල්ප මාධ්‍යවලට ටිකක් නිදහස අඩුයි… සමහර විට ඔවුන්ම කරගන්නවාද දන්නෙත් නෑ… ලංකාවෙ කට්ටිය නේ.. නීතිය ගැන නම් කියන්න දෙයක් නෑනේ.. අත් අඩංගුවට ගන්න හොරා මාංචු දාලා ආයුද පෙන්නන්න ගෙනගියාම පොලීසියේ 10 කට විතර වෙඩි තියන්න ගිහින් ඔලුවටම වෙඩි වැදිලා මිය යනවා. දකුණු කකුලේ තුවාලයකට බෙහෙත් දාන්න රෝහලට ගියාම වම් කකුල නැතුව ගෙදර එන්න වෙන රෝගීන් ඉන්නවා. ඒ වුනාට දොස්තරලා නිදහසේ ඉන්නවා. රටේ බාලවයස්කාර දැරියන් 30,000 ක් මවුවරු වෙන්න තරම් ලිංගික නිදහසක් අපට තියෙනවා. නමුත් පෝස්ටරයක ගෑණියෙක්ගේ කකුලක් නිරාවරණය වෙලා තිබුණොත් විලිසංගේ නැති වෙනවා කියලා මොර දෙන්නත් නිදහස තියෙනවා..

අල්ලස දූෂණය නැතිව හරියට වැඩකරගෙන අවංකව රට දියුණු කරන්න උවමනාවකින් වැඩ කරන දේශපාලනඥයෝ 20 ක් ඉන්නවා නම් මේ රට හරි තැනකට ගන්න මහ කාළයක් වැය වෙන්නේ නැහැ. මේ අය කොච්චර හිටියත්, ඒ අයට නිදහසේ රට දියුණු කරන්න නිදහසක් ඇත්තෙත් නැහැ.මෙන්න මෙහෙමයි අපේ රටේ නිදහස මම දකින්නේ.

අර සුනිල් පෙරේරා කියනවා වගේ

“නිදහස නොදී අපට, සුද්දා හිටියා නම්, ලංකාවට මෙහෙම වෙන්නෙ නෑ“

මේ වෙන සින්දුවක්…..

මේ මොන ප්‍රශ්න තිබුනත්, මටනම් ලංකාව තරම් වටිනා රටක් කොහේවත් නෑ……..සැබෑ නිදහසක් එන දවසක අපිත් නිදහසේ කතාකරමු…..

ප්‍රතිචාර»

1. ගෝල්ඩ් fish - 2011 පෙබරවාරි 3

නියමයි අයියා… සුපිරි ලිපියක්… කියලා තියෙන දේවල් ගොඩක් ඇත්ත.

2. Tweets that mention අපි ඇත්තටම නිදහස් රටක් ද ? « ඇල්කෙමියාගේ රසායනාගාරය | Alchemiya's Laboratory -- Topsy.com - 2011 පෙබරවාරි 3

[...] This post was mentioned on Twitter by Kottu, Piyal Ariyananda. Piyal Ariyananda said: අපි ඇත්තටම නිදහස් රටක් ද ? http://wp.me/pT1MU-ry [...]

3. SL - 2011 පෙබරවාරි 3

“මේ මොන ප්‍රශ්න තිබුනත්, මටනම් ලංකාව තරම් වටිනා රටක් කොහේවත් නෑ……..සැබෑ නිදහසක් එන දවසක
අපිත් නිදහසේ කතාකරමු…..”

DITO

4. Malin De Silva - 2011 පෙබරවාරි 3

ඇත්තටම මේ නිදහස නිදහසක්ද? තරමක විවාදයක්.
http://freepronotes.com/2011/02/04/%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE-%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8/

5. arunishapiro - 2011 පෙබරවාරි 4

දිවයිනට ආචාර්ය එස්‌. අයි. ගමගේ විසින් ලියන ලද ලිපිය: http://www.divaina.com/2011/02/04/feature04.html

Alchemiya - 2011 පෙබරවාරි 4

බොහොම ස්තුතියි අරුණි
මම මේක ලියුවේ හදිසියේම…. වැඩි වෙලාවක් තිබුනේ නැහැ.. ඒ නිසාම හැම අංශයක්ම ආවරණය කරන්න බැරි වුනා…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 25 other followers