ඇල්කෙමියාගේ රසායනාගාරයට ගොඩ වැදෙන ඔබගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි…. 2011 පෙබරවාරි 19
Posted by Alchemiya in ඔබට හිතන්න යමක්.trackback
මෙතුවක් කල් ඇල්කෙමියාගේ රසායනාගාරයට ගොඩවැදිලා ලිපි කියවලා කමෙන්ටු දැමූ ඔබ සැමට ස්තුතියි. මේ බ්ලොගය ඇල්කෙමියාගේ රසායනාගාරය ලෙස මුලින්ම නම් කළේ ඇත්තෙන්ම සාමාන්‍ය පාඨකයාට රසායන විද්‍යාත්මක අංශයෙන් යම් දැනුමක් ලබා දෙන්න වුනත්, යම් යම් දේශපාලන කරුණු, වෙනත් සමාජයීය කරුණු නිසා ලිපිවල අන්තර්ගතය රසායන විද්‍යාවෙන් අපගමනය වුනා….
මේ නිසා මම ඔබගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි…
ඒ තමයි, ඔබ කියවන්න කැමති දැනගන්න අවශ්‍ය කරුණු කාරණා යමක් තියෙනවා නම් මෙහි සටහන් කරන්න…. මම පුළුවන් ප්‍රමාණයට ඒ පිළිබඳ ඔබව දැනුවත් කරන්නම්… එසේ කිරීමෙන් මා ඇල්කෙමියාගේ රසායනාගාරය පටන් ගැනීමේ අභිප්‍රාය ඉෂ්ඨ වෙනවා වගේම මේ බ්ලොගය පවත්වා ගෙන යාමට මට තව හේතුවකුත් ඇති වෙනවා..
ඔන්න අළුතෙන් ඇඳුමකුත් අන්දවලයි තියෙන්නේ……
ඉතින්, මොනවාද ඔබට දැනගන්න කැමති….. ?



I would love if you can write some articles on high school chemistry.
http://www.vidyawa.com බලන්න
ඒකට මම රසායන විද්‍යාව ලිපි ලියනවා.
රසායන විද්‍යාව ගැන නං නෙමෙයි, ඔය wormhole ගැන එහම සරළව කියල දෙන්න පුළුවන් ද? BBC ඩොකියිමෙන්ට්‍රි එහෙම බැළුවට නොතේරෙන තැන් එමටයි
අනේ බුදු අම්මෝ.. තාරකා විද්‍යාව ගැන මගේ දැනුම බොහොම අල්පයි…. මේ ගැන “මගේ අහස සිංහලෙන්“ ට කිවුවොත් කරගන්න පුළුවන් වෙයි…
මට ඉඩ තියෙන හැටියට කොරන්න බලන්නං… හැබැයි ඇත්ත කියන්න පුළුවන් වෙයිද කියලා නං සැකයි….
ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන ලියන්න පුලුවන්ද? මම හරිම කැමති විෂයයක්,
බලමු… ටිකක් වෙන්න ලියන්න පුළුවන්…. vidyawa.com එකෙත් ඒ ගැන ටික ටික ලියැවෙනවා…..
ඔන්න මගෙනුත් ප්‍රශ්නයක්.. මම ඉස්සර ටීවී එකේ දැකලා තියෙනවා… මට මතක විදියට NHK එකෙන් පෙන්නපු documantary එකක, රෝස මල් වගයක් මොකද්ද මන්දා chemical එකක දාලා … ආයෙමත් උඩට ගන්නවා. chemical එක තිබුනේ බීකරයක. ඊට පස්සේ අර රෝස මල් ටික පාට එහෙමම තියෙද්දී… ගල් වෙලා… ඒ කියන්නේ ඝනත්වය වැඩියි. පපඩම් වගේ කෑලි වලට කඩන්න ප්‍රළුවන්. මට පුළුවන්නම් ඒ රසානය දුව්‍ය මොකද්ද කියලා කියන්න.
මට හිතෙන විදියට ඒක ද්‍රව තත්වයට ගෙනාපු නයිට්‍රජන්
ඔව්…
ද්‍රව නයිට්‍රජන් වල දැම්මාම ඕන මගුලක් එහෙම වෙනවා…
මතකද වෑන් ඩෑම්ගෙ මූවි එකක් තිබුණා…
ඒකෙ කළු තඩි පොරක් අන්තිමට වෑන් ඩෑම්ට ගහන්න එනවා.. මුගෙන් බේරෙන්නම බෑ.. අම්බානට කාලා ඉන්නකොට ඒ තඩි පොරට දෙනවා එකක් පොඩි කොරිඩෝවකට වැටෙන්න… ඌ නැගිටිනකොටම වෑන් ඩෑම් කඩනවා පයිප්පයක්… ඒකෙන් අර කළු තඩියා ගල් වෙනවා.. ඊට පස්සේ අපේ වීරයා හරවා පා පහරක් එල්ල කරනවා අර කළු තඩියා කෑලි වලට කැඩන්න… අන්න ඒත් ද්‍රව නයිටුජන්.
අපි නම් ඒවා දවසගානේ පාවිච්චි කරනවා සමහර ද්‍රව නිස්සාරණය කරන්න…
ලංකාවෙ නම් ඒවා නැහැ.. නමුත් හරිම ලේසියි කර්මාන්තයක් ලෙස හදාගන්න.. මොකද වායුගෝලයෙන් 78% ක්ම තියෙන්නේ නයිට්‍රජන් නේ..
මට කර්මාන්තයක් විදියට කරන්න නෙමේ… නිකං ගෙදර අත්හදා බලන්න විදියක් කියලා දෙනවද? ඇත්තටම ආසයි අප්පා ඒ වගේ සීන් එකක් කරලා බලන්න.
ගෙදර ද්‍රම නයිට්‍රජන් හදන්න බෑ මලයෝ… ඒකට සෑහෙන බර බර උපකරණ ඕන… ඒ වගේම පොඩ්ඩක් ගැස්සුනොත් ලොකු පිපිරුමක් වෙලා තමයි නවතින්නේ…. නිකං අතපය කඩා ගන්න ඕන නෑනේ… ඔන්න ඔහේ මාළු ටැංකියක් බලාගෙන ඉමු…
තවම ලංකාව වත් ද්‍රව නයිට්‍රජන් නිෂ්පාදනය කරන්න තරම් රසායනිකව සහ තාක්‍ෂණිකව ඉස්සරහට ගිහින් නැහැ…
ඇල්කෙමියෝ, තරු ගැන බැරිනම්, කිරිපිටි ගැන විස්තර ටිකක් ලියනවද?
මොන මොන රටවල් වලද කිරිපිටි බොන්නේ,
ලඟකදි ඉඳන් කියනව වගේ ඔය පිටි කිරි වල පෝෂනයක් නැද්ද?
නිශ්පාදන ක්‍රියාවලිය
යුරෝපයේ කිරිපිටි පරිභෝජනය
වගේ දේවල් ..
අනේ මන්දා… මමත් කරගන්න දේවල්….
බලමු බලමු… දැන් අසන්නන්ගේ ඉල්ලීම් අම්බානකට තියෙනවා…
කුසපත් ඇදලා ලියන්නම්…
ayya kiyannada sir kiyannada teren nae sir kiyannanam ara chemistry wala oya eka eka atal wada tiyenne karanna pluwan iodine walata NH3 dhana ewa,etah kota TNG,KNO3+SUGER dala burn karana ewa wage tricky dewal tikaka dannako
[...] ඉන්න ලිපියේ ටිකක් ලිවුවා.. මම අහපු අසන්නන්ගේ ඉල්ලීම් ප්‍රශ්නෙට උත්තර දීපු හැමෝටම ඉස්තූතියි… ඒ අනුව [...]
[...] ලිපිය ලියැවෙන්නේ මගේ ඉල්ලීමට ඔබ දැක්වූ ප්‍රතිචාරවල ප්‍රතිඵලයක් [...]