අර්ජුන රූකාන්ත සහ දුමාල් වර්ණකුලසූරිය අතර වෙනස……අකුරු සාස්තරේ ඉගෙන ගත්තාම විතරක්ම ඇතිද ?

ඔබ හැමෝම දන්නවනේ සිරස සුපර් ස්ටර් තරඟයේ වුන දේ….. සංගීතය කෙළ පැමිණි, පණ්ඩිත් අමරදේවගේ හෙවනැල්ල වගේ ඉඳගෙන සිංදු කියපු දුමාල් වර්ණකුලසූරිය කැපිලා ගිහින් වේදිකාව පාලනය කරගෙන ප්‍රේක්‍ෂකයාව ඇද බැඳ තබාගත් අර්ජුන රූකාන්ත අවසාන වටයට “ජනතා පරමාධිපත්‍යයෙන්” තේරී පත් වුනා. ඉතින් මමත් පෘත:ජනයෙක් විදියට ඇමරිකාවෙ හිටියත් මේ දිහා බලාන උන්නා.  එක අතකට “ජනතා පරමාධිපත්‍යය” හරියි කියලා තේරුණේ අර්ජුන විසින් ප්‍රේක්‍ෂකාගාරය පාලනය කළ ආකාරය දැකලා. දුමාල් දක්‍ෂයි තමයි ඒත් ප්‍රසාංගික බව අතින් අර්ජුන ඉන්නේ සෑහෙන්න ඉදිරියෙන්.. ඉතින් මේ අණ්ඩර දෙමලයයි ඉගෙන ගැනීමයි අතරේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා කවුරුහරි ගොබිලෙක් අහන්න පුළුවන්…

පසුගිය අවුරුද්දේ ජනවාරි මාසයේ දී මම කාලෙකින් ලංකාවට ගියා. එහිදී මගේ පාසල් මිතු‍රෝබොහොම දෙනෙක් මට හමු වුනා. ඒ බොහොමයක් දැන් උසස් තැන්වල රැකියා කරන උදවිය වගේම ආදිශිෂ්‍ය සංගමයේ බැහැලා වැඩකරන අය. සමහරුන්ට තමන්ගේම සමාගම් තිබෙනවා, සමහරක් වෛද්‍යවරු, ඉංජිනේරු වරු, තවත් සමහරු දේශපාලනය කරනවා (මම ඒ අයට කිවුවා මම දේශපාලනඥයන් සම්බන්ධයෙන් දක්වන්නේ ප්‍රසාදාත්මක ආකල්පයක් නොවන බව – ඒ මිතුරෝ දන්නවා මම දේශපාලනික සත්ත්‍වයෙක් නොවන බවත් එල්ටීටීඊ එක වුනත් කරන හරි දේ හරියැයි කියන බව – ඒ වෙනම කතාවක්).

ඉතින් ඒ මිතුරුහමුවෙදි අපේ ආගිය තොරතුරු බොහොමයක් කතා වුනා මද්‍යසාර බෝතල කිහිපයක් අවසන් වන තෙක්. (තිතට මත) එහිදී මතු වුන ප්‍රධාන කාරණයක් තමයි මේ අපේ පාසාලේ බාහිර කටයුතු සඳහා සිසුන්ගේ සහභාගි‍ත්‍වයේ මඳකම. ඒ අනුව පාසලේ විදුහල්පති තුමා‍ගේ සහ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධානාචාර්ය නැසීගිය නිමල් ගමගේ මහතා‍ගේ මූලිකත්‍වයෙන් ම’විසින් පැයක පමණ දෙසුමක් උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් හට පවත්වනු ලැබුවා. මේ ඒ දෙසුමේ සාරාංශයක් සහ මට හිතෙන දේ…..

අපි ඉපදුන දවසේ ඉඳලා මැරෙන තෙක් ඉගෙන ගන්නවා. ඒ වගේම ඒ ඉගෙන ගන්නා දේ ජීවිතය හැඩගස්වා ගන්න උපකාරී කරගන්නවා. ඉතින් ඉගෙන ගන්න ඕන කියන දේ ගැන මගේ කිසිම විවාදයක් නැහැ. ඉගෙන ගන්නෙ නැති එවුන්ට කණට ගහලා ඉගෙන ගන්න යවන්න මම පසුබට වෙන්නෙත් නැහැ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ…… පොත්පත් වල දේ ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට ගිහින්, උපාධියක් ගත්තාම කෙනෙක් සම්පූර්ණ වෙනවද ? කියන එක…..

අද ලංකාවෙ හැමෝටම ආතතිය, මැතිවරණ කොමසාරිස්ගෙ ඉඳලා මොන්ටිසෝරි යන පොඩිඑකා දක්වා හැමෝම ආතතියෙන් තමයි ජීවත් වෙන්නේ.. ඇයි මේ ?

මෙයට ප්‍රධාන හේතුව අද සමාජයෙ ඇති තරඟය.. හැමෝම දන්නවා ඉගෙන ගත්තේ නැත්නම් ජනප්‍රිය පාසලකට යන්න බැහැ. හැමෝටම මන්ත්‍රීවරුන්ගේ හිතවත්කම් නැහැනේ. ඉතින් ඉගෙන ගන්න ඕන. හැමෝම උත්සාහ කරන්නේ එක්කෝවෛද්‍යවරයෙක් වෙන්න නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න. මම ඒ උත්සාහය පහත දමා කතා කරනවා නෙවෙයි, ඒත් ඒ කීයෙන් කී දෙනාද වෛද්‍ය විද්‍යාලයට, ඉංජිනේරු පීඨයට යන්නේ ? මෙන්න මෙතනයි ප්‍රශ්නේ…. ඒ විතරක් නොවෙයි, දක්‍ෂයන් කී දෙනෙකුට විශ්ව විද්‍යාලයට යන්න තියෙන අවස්ථාව අහිමි වෙනවාද ?

ඊට පස්සේ මොකද කරන්නේ ? වාසනාවකට දැන් ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතන තිබෙනවා.

NIBM, Charted Accountancy, CIMA, Charted Engineering, Institute of Chemistry, NDT, HNDA, ආදීවශයෙන් ඒත් මේ පාඨමාලා හදාරන්න මුදල් ඇත්තේ කීයෙන් කී දෙනාටද ? මේ දේවල් හදාරන්න මුදල් හදල් නැති අය කුමක් හෝ රැකියාවකට යනවා. ඔබ වෛද්‍ය‍වරයෙක්, ඉංජිනේරුවෙක් හෝ වෙනයම් ක්‍ෂෙත්‍රයකට ගියත් මේ රැකියා පෝලිමේ ඉන්න ඔබ සම්මුඛ පරීක්‍ෂණ කිහිපයකට මුහුණ පානවා. ඔන්න ඔතනදී තමයි පොතපතේ එල්ලිලා හිටපු අය ඇණගන්නේ.

සමාවෙන්න – මම කියන්නේ ඉගෙන ගන්න එපා කියලා නෙවෙයි.

දැන් බලන්න සම්මුඛ පරීක්‍ෂණයකදි හොයන ප්‍රධාන කාරණයක් තමයි පළපුරුද්ද (Experience) සහ නායකත්‍වය සහ කණ්ඩායම් ක්‍රියා (leadership and team work). පළපුරුද්ද එන්න නම් වැඩක් කරලා, කණ්ඩායමක් එක්ක හැසිරිලා  නායකත්වයක් දරලා පුරුද්දක් තියෙන්න ඕනා. එසේනම් පාසලේදී කණ්ඩායම් ක්‍රීඩා කරලා තිබීම අවශ්‍යයයි.

පන්තියේ නායකයා වුනා කියලා නායකත්‍වය පිළිබඳ අත්දැකීම් එන‍්නේ නැහැ. කළු ලෑල්ල මකන්නයි නාමලේඛණය ගේන්නයි ඇරෙන්න පන්ති නායක කමින් ගන්න පළපුරුද්දක් නැහැ. ඉතින් මේ නායකත්‍වය ලබාගත යුත්තේ විවිධ සමිති සමාගම්වල නිලතල දරලා හෝ නිවාස නායක උපනායක තනතුරු හෝ විද්‍යාලයීය ශිෂ්‍ය නායක තනතුරක් දැරීමෙන්. ඒ තනතුරු නාමිකව දරලත් වැඩක් නැහැ. ක්‍රියාකාරීව අවශ්‍ය අයුරින් වැඩ කරලා අනෙක් අය මෙහෙයවලා, යමක් හරියට සාර්ථකව කළ හැක්කේ කළ යුත්තේ කෙසේද කියලා තමන් විසින්ම අත් දැකීම ලබාගැණීමයි කළ යුත්තේ.

නවතම සම්මුඛ පරීක්‍ෂණ ක්‍රම අනුව සුදුස්සා තෝරනු ලබන්නේ චර්යාමය සම්මුඛ පරීක්‍ෂණයක් (Behavioral Interview) මාර්ගයෙන්. මෙහිදී උපකල්පිත අවස්ථාවක් පිළිබඳ අයදුම්කරුගෙන් විමසනවා.

උදා: ඔබට යම් වැඩක් කරගෙන යාමේදී බාධකයක් පැන නැඟුනහොත් මොකද කරන්නේ ? කියා සම්මුඛ පරීක්‍ෂණ මඬුල්ලේ කෙනෙක් ඔබෙන් ප්‍රශ්න කරන්න පුළුවන්…

එවිට ඔබ සාමාන්‍ය ලෙස “මම එම බාධකය මැඬගෙන හෝ මඟහරවාගෙන වැඩ කරනවා යැයි පැවසුවොත් ඔබේ ගමන එතැනම නවතිනවා. මේ සඳහා පිළිතුරු දිය යුත්තේ STAR  ක්‍රමය උපයෝගී කරගෙනයි. මොකක්ද මේ STAR ක්‍රමය ?

Situation එම බාධකය පැණ නැඟුන අවස්ථාව

Task ඒ සඳහා ඔබ කළ හැකි යුතුව තිබුණ දේ

Action  එම බාධකය මඟහරවා ගැණීමට ඔබ කළ දේ

Result බාධකය මඟහැරුණ පසු අත්වූ ප්‍රතිඵලය

මේ ආකාරයට පිළිතුරු දීමට නම් අවම වශයෙන් ඔබ මෙවන් අවස්ථාවකට එක වතාවක් හෝ මුහුණදී තිබිය යුත් වෙනවා. පොත්පත් කියවලා මේ අත්දැකීම ලබාගන්න බැහැ. එසේ නම් ඔබ පාසලේ හෝ වෙනත් ආයතනයක බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගී වීමෙන් මෙම අත්දැකීම් ලබාගතයුතුව ති‍බෙනවා.

පාසල් විෂයමාලා තුළ කණ්ඩායම් ක්‍රීඩා, නිවාසාන්තර ක්‍රීඩා තරඟ, විවිධ සමිති සමාගම්, ආදී දේ ඇතුලත් කර ඇත්තේ මෙම කණ්ඩායම් හැඟීම, නායකත්‍ව ගුණාංග,ජය පරාජය විඳගැණීමට පුරුදු කිරීම ආදී කරුණු පෙරදැරි කරගෙනයි. ඉතින් ඒ දේ වලින් ප්‍රයෝජන ලබාගැණීම ඔබ සතු අයිතියක් මෙන්ම යුතුකමක් ද වෙනවා.

එමෙන්ම මෙසේ බාහිර ක්‍රියාකාරකම්වල නියැලීම නිසා සිසුන්ගේ මනස සමබර වෙනවා. එවිට ඔවුන්ගේ අධ්‍යාපන හැකියාවන් වර්ධනය වෙනවා. එමගින් ඔවුන් හැම දෙනාම අධ්‍යාපනය අතින් සාර්ථක නොවුනත් සමාජයේ සමබර පුද්ගලයන් වෙනවා. සුළු දේකටත් ගහ මරා ගන්නේ නැතිව ජය පරාජය සමව දරාගෙන වැඩදායක අයුරින් ජීවත් වෙනවා.

ඒත්, හැම දෙමවුපියෙක්ගේම උත්සාහය තම දරුවා සමාජයේ ඉහලම තැනක‍ට යවන්න. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් නීතීඥයෙක් හෝ ඉංජිනේරුවෙක් කරන්නයි. ඉතින්, ඔවුන්ගේ අභිප්‍රායන් ඉටු කරන්න ඔබ අප සියළුම දෙනා උත්සාහයෙන් කටයුතු කළ යුතුයි. ඒ අතරම, තමන් උගත්, ඉගෙන ගන්නා පාසලට තම යුතුකම් ඉටු කරන්නත් අමතක කරන්න එපා. පාසලේ බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගී වන්න, ශිෂ්‍ය නායක මණ්ඩලයට, නිවාසාන්තර ක්‍රීඩා සංවිධානයට සහභාගි වන්න. ඒ දේ වලින් ඔබට අළුත් අත්දැකීම ලැබෙනවා විනා අවැඩක් සිදු වන්නේ නැහැ.

මම පෙර කියූ මගේ මිතුරන් සියල්ල මෙසේ බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා ආදියට සහභාගී වී බොහෝ අත්දැකීම් ලබාගෙන ඒවා තම වෘත්තීය ජීවිතයට මෙන්ම පෞද්ගලික ජීවිතයටත් රුකුලක් කරගෙන සාර්ථකව ජීවත්වෙන අය. ඔබ වෛද්‍ය වරයෙක් වුනත් හරියට රෝගීන්ව හසුරවා ගන්න, ඔවුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්න නොහැකි අයෙක් වුනොත් ඔබ සාර්ථක වෛද්‍යවරයෙක් වන්නේ නැහැ. ඔබ මේ රටේ වෛද්‍යවරු දහසක් අතර තවත් එක අයෙක් පමණක් වෙනවා. එසේ නොවී දහසක් අතරින් කැපී පෙනෙන එක් අයෙක් වෙන්න ඔබේ අත්දැකීම් ජීවිතයට එකතු කරගන්න.

ඉතින් මට පෙනෙන හැටියට අර්ජුන රූකාන්ත මෙන්න මේ බාහිර ක්‍රියාකාරකම් වලින් සහ ඔහුට අන් අයගෙන් ලැබෙන උපදෙස් හොඳින් පිළිපදිමින් ඒ අත්දැකීම් වලින් ඉගෙනගෙන ක්‍රියා කරන කෙනෙක්. දුමාල්ට පෙර වතාවලදී වේදිකාවේ හැසිරීම පිළිබඳ අවවාද ලැබුණත්, ඔහු ඒ අත්දකීම් අවසාන පූර්ව තරඟයේදී යොදාගත්තේ හරිම අඩුවෙන්. මම හිතන්නේ ඒ නිසයි ඔහු තරඟයෙන් ඉවත් වුනේ. නමුත් ඔහුගේ හැකියාවන් ඔහු පෙරට ගෙන යන බවට කිසිම සැකයක් නැහැ.

මම අද මේලෙස සමාජයේ ජීවත්වන්නේ, මහා සභාවන් මැද බය නැතිව දේශන පවත්වන්නේ ඒ කුඩාකළ ලබාගත් අත්දැකීම් සම්භාරය හේතුවෙන්. මේ රටේ බොහොමයක් ප්‍රසිද්ධ, සාර්ථක පුද්ගලයන් සියල්ල පොත පතට සීමා වෙලා වැඩකරපු අය නොවෙයි. ඒ සියළුම දෙනා පොතපතට අමතරව වෙනත් දේ වල නියැළුන උදවිය…..

එහෙමනම් ඔබටත් සමාජයේ සමබර, සාර්ථක පුද්ගලයෙකු වීමට උවමනා නම්, පොත් පත් වැඩ කරන අතරතුර, සමාජයීය වැඩකටයුතු හෝ පාසලේ බාහිර ක්‍රියාකාරකම් වලට පොඩ්ඩක් සහභාගී වී අත්දැකීම් ලබාගන්න….. කවදාවත් වරදින්නේ නැහැ…….

5 thoughts on “අර්ජුන රූකාන්ත සහ දුමාල් වර්ණකුලසූරිය අතර වෙනස……අකුරු සාස්තරේ ඉගෙන ගත්තාම විතරක්ම ඇතිද ?

  1. In my point of view,

    Lets see Why students are not intend to do extra curricular activities???

    Due to the heavy work at school, competition, parents hope etc.

    What’s the solution???

    I think at least from grade 9 the student should have the right to choose the subject what they like and continue even in higher studies….AND this education system should be full of applications,real situations….( FOR GODS SAKE PLEASE IF SOMEBODY BECOMES THE MINISTRY OF EDUCATION>>>DO THIS I GUARANTEE 100% RESULTS)

    What would be the result???
    A student who knows about the relevent field exactly…

    Is that all???
    Nope…Since we are learning on a environment with real situations…Problems arises,Many fields relates to it,therefore they are learning and gaining the ability to act at any situation…So it would be easy n we are learning in a huge time period….So there will be plenty of leisure time to do extra curricular activities and enjoy life even at schooling period…..

    There are persons who have achieved and had enjoy life with the present education system…So that can’t be wrong…Is that so????
    Nope…Yes of course there are many as mentioned above…Those are the people who likes to face challenges,but many are afraid too…But if the changes above been made they have to face challenges and become successful persons too….

    But every field doesn’t have equal prior in sri lanka…We need MONEY???
    Is that so,I dont think sri lanka will have an equal opprtunity in finding same amount of money in every field for another 20 years…But there are plenty of opprtunities around the world waiting for you….But remember!!!As piyal ayya said atleast PROUDLY TELL THAT I’M A PRODUCT OF SRI LANKA….

    So what if both Dumal and Arjuna faced da situation i explained???Definetely none f them become a superstar.They will do something else and become diamonds in their fields which not only we knows….The world knows

  2. I think pawani has mistaken the point of the entire article.. It had nothing to do with Dumal or Arjuna.. Different people have different tastes… in everything.. not only the comparison between these two super stars, even if you compare people like BnS with others, they are thousands of miles ahead than some other artists who had been in the industry for a longer time than them.. Anyway this is not what i wanted to say..

    i think this is a very good article aiya.. if possible, try to publish it in a news paper.. when i read this, i just wanted to share my own experience..
    In school I’ve done all extra activities as possible (everything except sports maybe.. :)) and i can proudly say that all that experiences has made me a person who can adjust to any situation.. i didn’t realize it until i was studying for my exams with some friends, at a crappy boarding place.. one of my friends asked me how i could even stay at a place like this and why i dont stay at home and enjoy the luxuries.. well.. at that time i didn’t really think, bt i told her, that when i was a girl guide, and went on camping, we had to stay under worse conditions.. later on, i realized that it was not only true for that situation, but for living overall.. a ‘bookworm’ friend of mine, didn’t even know the procedure to deposit money in a bank at almost 23 years!!
    well… i have not done the best i could have done at my advanced levels, partly maybe due to the fact that i was involved in other stuff.. but after almost 5 years of leaving school, the only memories i have, the one i talk about are the ones involved with extra activities..
    its the parents who shy the children away from these, due to the competition.. but ultimately the children end up having problems due to extensive stress… i have read somewhere that by directing the extra energy children have during adolescence to music or sports reduces the affinity they might have for drugs or porn..
    so i think if this article, maybe modified a little bit, gets published in a newspaper, will help especially the parents to get out of the mentality of shying the kids away from co-curricular activities.. ( that is how its known now.. not extra.. )

  3. Thanks for your comments everyone,..
    What I tried to express here was to emphasize the importance of extra curricular activities,.. I didn’t try to undermine the talent of Dumal. He was one of the best and I wanted him to be in the finals,… He is far more talented than Arjuna.

    I will write another article on this issue and try to make it more professional and send it to a newspaper,..
    Let’s see,..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )