Lanka E-News එකේ නා ගැනීම හෙවත් බැසිල්ගේ Tax Invoice එක……………. a.k.a. ජනමාධ්‍යයේ වල්බූරු නිදහස

ජනතාවගේ හද ගැස්ම හඳුනන Lanka E-News වෙබ් අඩවිය දන්නෙ නැති මගුලක් පළකරන්න ගිහිල්ලා මේ පාරත් අම්බානක නාගෙන. නාගෙන විතරක් නොවෙයි ලියපු එකාගෙ අම්මටත් හෙම්බිරිස්සාව හැදෙන තරමට පාඨකයාගෙන් බැණුම් අහගෙන. මේ පාර කරලා තියෙන්නේ අමෙරිකානු-ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි, ජාතික සංවර්ධන ඇමති බැසිල් රාජපක්‍ෂගේ බදු සහතිකයේ පිටපතක් විශ්ලේෂණය කිරීම. මේක කරපු මෝඩයා නොදන්න දේවල් රාශියක් කියලා දෙන්නයි මේ ලිපිය ලියන්නේ. බැසිල් රාජපක්‍ෂ සල්ලි කීයක් ගහගත්තද, රටට මොනවා කරාද කියලා මට වැඩක් නැහැ, නමුත් ලංකාවෙ පත්තර කලාවෙ (හෝ මඩ පත්තර කලාව) යෙදෙන මේ වගේ උන්ට මාධ්‍යවේදියො කියලා කටක් ඇරලා කියන්න පුළුවන්ද කියන එක විතරක් මම අහන්න කැමතියි. ඒ වගේම මේ වෘෂභ රාජයා එක්ක මේ සම්බන්ධව වැඩිදුර කතා කරන්නත් මම කැමතියි.

මෙන්න ඒ බදු සහතික පිටපත්, උපුටා ගැනීම Lanka E-news.

බැසිල් රාජපක්‍ෂගේ බදු ගෙවුම් සහතිකය
ඉන්වොයිසිය

දන්නෙ නැත්නම් මෙන්න දැනගන්න

අමෙරිකානු ආදායම් බදු දෙපාර්තමේන්තුව (Internal Revenue Service- IRS) සතුව අපි සෑම කෙනෙකුගේම බදු ලිපිගොනුවක් තියෙනවා. සාමාන්‍යයෙන් නීත්‍යානුකූලව අමෙරිකාවට ඇතුළු වුන කෙනෙකුට ලැබෙන හැඳුනුම්පත් අංකය වන සමාජ ආරක්‍ෂණ අංකය හෙවත් (Social Security Number) මාර්ගයෙන් කෙනෙකුගේ සියළුම විස්තර ක්‍ෂණයකින් සොයාගත හැකි තත්ත්‍වයට අද අමෙරිකානු තාක්‍ෂණය, රාජ්‍ය අංශය, පත් වෙලා කිබෙනවා. (හරි පුදුමයි නේද ? ලංකාවෙ නම් ඒ වැඩේට අවම වශයෙන් මාස තුනක් වත් යාවි ) මේ නිසා අමෙරිකානු පුරවැසියන්ට වගේම නීත්‍යානුකූලව අමෙරිකාවට ඇතුළු වුන සෑම කෙනෙකුටම බදු ලිපිගොනුවක් තිබෙනවා.  තමන් වැඩ කරන සේවා ස්ථානයෙන් ගෙවන පඩිපතේ සිට තමන් ස්වයං රැකියාවක නිරත වෙනවා නම් ඉන් ලැබෙන ආදායම ඇතුළු සියළුම දේවල තොරතුරු මෙම IRS හි තැන්පත් වෙනවා. එසේම යම් කෙනෙකු රැකියාවක් ආරම්භ කරන විට ඔවුන් වෙනුවෙන් එම සේවා දායකයා බදු ලිපිගොනුවක් විවෘත කරනවා. ‍එහි, රජය විසින් හා/හෝ ප්‍රාන්තය විසින් මාසිකව පඩි පතෙන් කපාගත් බදු ප්‍රමාණය සටහන් වෙනවා. නව වසර ආරම්භයේ මෙම කරුණු අඩංගු W2 ෆෝරමය එම පුද්ගලයාට ලැබෙනවා. එවිට එම පුද්ගලයා එම වසරේ අප්‍රේල් 14 දින මධ්‍යම රාත්‍රියට පෙර තමන්ගේ බදු ලිපිගොනුව පුරවා IRS එකට යැවිය යුතු වෙනවා. එසේ නැතහොත් නීතියෙන් වරදකරුවෙකු බවට පත් වෙනවා. බදු වංචා සම්බන්ධ අපරාධ වලට ලැබෙන දඬුවම් ටිකක් තදයි.

මෙසේ බදු ලිපිගොනු සකස් කිරීම කිහිප ආකාරයකට සිදු කළ හැකියි. වෙළඳපොළේ විකිණීමට ඇති මෘදුකාංගයක් ආධාරයෙන් තමන් විසින්ම  සකස් කර අන්තර්ජලයෙන් යැවීම, බදු සැකසීම‍ට බලය ලත් ගණකාධිකාරී ආයතනයක් මාර්ගයෙන් යැවීම හෝ නොමිලේ  ලබා ගන්නා බදු පෝරමයක් පුරවා තැපැල් කිරීම යන විධික්‍රම වලින්. මෙයින් අන්තර්ජාලය හරහා බදු සැකසීම සහ යම් ආයතන මාර්ගයෙන් යැවීම වඩා ජනප්‍රිය ක්‍රම වන අතර මේ බදු ලිපිගොණු නියමිත පරිදි පුරවා යැවීමෙන් සමහර අයට IRS ආයතනයෙන් නැවත මුදල් ලබා ගැණිමට පවා හැකියි. උදාහරණ වශයෙන් යම් පුද්ගලයෙකුට යැපෙන්නන් කිහිප දෙනෙකු සිටී නම් ඒ පුද්ගලයාගෙන් අයකරගන්නා බදු මුදල් ප්‍රමාණය අවම වන්න පුළුවන්. මේ වැනි අවස්ථාවක ඔහුගේ පඩිපතෙන් වැඩිපුර බදු මුදල් අයකරගෙන තිබුණි නම් බදු ලිපිගොණුව සැකසීමේදී එය වාසියක් වන්නට පුළුවන්. එවිට ආණ්ඩුවෙන් ඔහුට වැඩියෙන් අයකරගත් මුදල නැවත ගෙවනු ලබනවා.  විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන් ලබා ගන්නා ණය මුදල්, පාසල් ගාස්තු ආදිය මෙසේ බද්දෙන් නිදහස් දේ අතරට අයත් වෙනවා. ඒ වගේම දරුවන් සිටින පවුල්, දරුවන් සමඟ මව හෝ පියා පමණක් සිටින පවුල් (Single parent families) ආදියට සුවිශේෂී බදු සහන ලැබෙනවා.එසේම අමෙරිකානු පුරවැසියන් හෝ ග්‍රීන් කාඩ්පත් හිමියන්  කොහේ සිටියත් තම ආදායම අනුව ඇමරිකානු ආණ්ඩුවට බදු ගෙවිය යුතු වෙනවා. ඒ විතරක් නොවෙයි තාවකාලික පදිංචි කරුවන් යම් වසරක ඇමරිකාවෙන් යම් ආදායමක් ලැබුවා නම් ඔහු හෝ ඇය ‍මොන රටේ හිටියත් ඊට පසු වසරේ ඒ වෙනුවෙන් බදු ලිපිගොණුව සැකසිය යුතු වෙනවා.

බැසිල් රාජපක්‍ෂගේ බදු ලිපි ගොනුව

Lanka E-News ප්‍රවෘත්තියට අනුව බැසිල් රාජපක්‍ෂ පවුල ඇ.ඩො. 4152.42 ක් බදු ලෙස රජයට ගෙවා තිබෙනවා. මේ ගෙවා තිබෙන්නේ 2009 ආදායම වෙනුවෙන්. ඔහුට ඇ. ඩො. 267,851.00 ක වත්කම් අමෙරිකාවේ ඇති බවත් මේ වාර්තාවේ සඳහන් වෙනවා. මේ කාරණා සැළකුව හොත් බැසිල් රාජපක්‍ෂ කියන්නේ අමෙරිකානු ප්‍රමිතීන් වලට අනුව මධ්‍යම පාන්තිකයෙක්. කැලිෆෝනියා ප්‍රාන්තයේ තත්ත්‍වයට අනුව කාමර දෙක තුනක් සහ සාලයක් පමණක් ඇති කුඩා ප්‍රමාණයේ ගෙවල් හිමියෙක්. කැලිෆෝනියාවේ තට්ටු දෙකක සාමාන්‍ය නිවසක් පවා අවම වශයෙන් ඇ.ඩො. 500,000 ක් වත් වෙනවා. මේ අනුව බැසිල් කියන්නේ අමෙරිකාවේ ජීවත් වන බොහොමයක් ලාංකිකයන්ගේ තත්ත්‍වයේ පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවෙක් වසරකට ඇ.ඩො. 100,000 කට වඩා උපයන අතර 35% ක් පමණ බද්දක්  නැවත රජයට ගෙවනවා. මා දන්නා එක්තරා මහාචාර්ය වරයෙක් සෑම වසරකම ඇ.‍ඩො. 20,000 ක් සිය පඩි පතෙන් කැපෙන 35%ට අමතරව රජයට ගෙවනවා.

මේ වාර්තාවේ ඉස්මතු කරලා තියෙන කාරණය තමයි බැසිල් ලංකාවේ මුදලින් අමෙරිකාවට බදු ගෙවනවාය යන්න. ඔහු ගෙවා ඇත්තේ රුපියල් ලක්‍ෂ 5ක් වැනි මුදලක්. ඒ මුදල අද ලංකාවෙ පෞද්ගලික අංශයේ උසස් නිලධාරියෙකුගේ මාසික වැටුපට ආසන්න මුදලක්. බැසිල් නොවෙයි ඔබාමා වුනත් නියමිත පරිදි ලෝකේ කොහේ සිටියත් බදු ගෙවිය යුතුයි. මෙය  Lanka E-News එකට අරුමයක් වුනාට සාමාන්‍යයෙන් අමෙරිකානු ක්‍රමය දන්නා අයට මහ කජ්ජක් නොවෙයි.

ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදියා

ඉතිං මට මේ වාර්තාව ලියපු වෘෂභ රාජයාට කියන්න තියෙන්නේ ලියන මගුලක් හරිහැටි දැනගෙන ලියන්න කියලා. දන්නෙ නැති මගුල් වලට ගිහිල්ලා පෑන කඩා ගන්නේ නැතිව හරිහැටි හිතලා බලලා “මම ලියන දේ හරිද ? වැදගත් ද ?” කියලා හොයලා බලලා ලියන්න කියලා. Lanka E-News එකේ ප්‍රගීත් එක්නැලිගොඩටත් වෙන්න ඇත්තේ මේ සන්තෑසියම තමයි. මම නම් හිතන්නේ මිනිහා ස්වයං අතුරුදහන් වීමකට භාජනය වෙලා කියලා. මොකද කියනවා නම් මේ දවස්වල ජනමාධ්‍ය වේදියෝ කියලා කියාගන්න එවුන්ට හරි ජයයි. ආණ්ඩුවෙන් මරන්න එනවා කියලා පිටරටකට පැනගෙන සරණාගත තත්ත්‍වය ගත්තාම අවුරුදු ගාණක් යනකම් කකා බිබී ඉන්න පුළුවන්. පුරවැසිකම ගන්නත් ලේසියි. මම ළඟදි දැක්කා පත්තරේක එක මිනිහෙක් ඇමරිකාවේ සරණාගත තත්ත්‍වය ඉල්ලලා තිබුණා ඒ නපුංසකයා සමලිංගිකයෙක්ය, ලංකාවේ සමලිංගිකයන්ට අඩන්තේට්ටම් කරනවාය කියා.

ඉතිං මේ ඊනියා ජනමාධ්‍යවේදීන්ට මට කියන්න තියෙන්නේ එක දෙයයි. තමන් ලියන දේ ගණිකා වෘත්තියේ යොදවන්නේ නැතිව හරිහැටි ලියන්න කියලා….. මහ ලොකුවට ජනමාධ්‍යවේදියොන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. ඒ වුනාට  ජනමාධ්‍ය සදාචාරය (Ethics)  ගැන කතා කරන්න බල්ලෙක් වත් නෑ….  මේ වගේ එවුන්ට තලන්න ඕන මඩු වලිගෙකින්…

20 thoughts on “Lanka E-News එකේ නා ගැනීම හෙවත් බැසිල්ගේ Tax Invoice එක……………. a.k.a. ජනමාධ්‍යයේ වල්බූරු නිදහස

    1. මට කීයක් වත් දුන්නේ නැහැ. මට ඕනෙත් නැහැ. මම කාටවත් කඩේ යන එකෙකුත් නෙමෙයි. ඒත් ලියන එකක් හරියට දැනගෙන ලිව්වොත් හරි ෂෝක්… ලියන්නන් වාලේ ලියනවට වඩා..

  1. ඔබ හරි.. මමත් ඕක දැක්කා.. මොකටද නිකන් මෝඩයන්ට ටොකු අනින්නේ කියලා මම නිකන් හිටියා, ඒත් මේක මහ මා‍ෆියාවක් නේ මචන්! උඹේ අන්තිම හරිය කියෙවුවාම මට එහෙමයි හිතුනේ!

    ජය!

    දිගටම ලියන්න ශක්තිය ලැබේවා!

    1. ඇමරිකන් ඩොලර් 400,000 කියන්නේ අවුරුදු 15ක් ඇමරිකාවෙ ජීවත් වෙච්චි මිනිහෙකුට මහ ගාණක් නොවෙයි.
      මම කියන්න උත්සාහ කළේ Lanka E-news එකේ “පත්තර කාරයා” කන්ද කෙන්ද කරලා ලියපු එක ගැනයි.
      ඒ වගේම දේපල බදු හැම දෙනාම ගෙවන එක අරුමයකුත් නොවෙයි. කොහොම වුනත් ප්‍රතිචාරයට ස්තුතියි….

  2. Mr. MODA වෙත,

    බැසිල් ඉන්නේ ලංකාවේ, උපයන්නේ ලංකාවෙන් හරි ඒක ඇත්ත කියමු.
    ඉතින් හලෝ මිනිහා උපයන මුදලින් මොන මගුලක් කරගත්තම අපිට මොකද? ඒක එයාගෙ කැමැත්ත. ඇමරිකාවට බැරි නම් ස්වර්ගයට හරි ගෙවන්නේ මිනිහගෙ සල්ලි.
    මේකයි සහෝදරයා ද්විත්ව පුරවැසි භාවය හිමි වූවන්ට MP කම් දෙන්න ගියාම ඔව්වා වෙනවා. ද්විත්ව පුරවැසි භාවය හිමිනම් එහෙම ක්එනෙකුට රටේ පාලනයට එන්න දෙන්න බැ.
    ම්ගේ මතකය හැටියට ලගදි ද්විත්ව පුරවැසි භාවය හිමි පොරක් රටේ රජා වෙන්නත් පොර කෑව නේද?
    අර්ධ සිංහල ඔලමොට්ටලයොත් ඉන්නවනේ මුන්ව පාර්ලිමේන්තු ගේන්න . . . .

  3. ශ්‍රි ලංකා මහ බැංකුවට අනුව ලංකාවේ මිනුස්සුන්ගෙන් 41.6%ක්ම දිනකට $2කට වඩා අඩුවෙනුයි හම්බ කරන්නේ. එහෙව් එකේ ලංකාවෙ ආර්ථික සම්පත් ඇමතිතුමා වසරකට $ 4,000ක් වෙන රටකට දේපල බදු ගෙවන එකේ තියන සාධාරණය මොකක්ද?

    මන්ත්‍රිකම මිනිස්සු දුන්නා කියමුකො, ඇමතිකමවත්, කොයි ඇමතිකමද කියන එකවත් මිනිසුන්ට තීරණය කරන්න බැහැ නේද?

    අර්ධ සිංහලද, මොඩයෝද කියලා අපේම මිනිස්සුන්ට අපහාස කරන්න කලින්, හැමෝටම සුභ අනාගතයක් කියලා නේද මේ කට්ටිය චන්දේ ගත්තේ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )