දේශපාලනය නොදන්නා මගෙන් ජනාධිපති උපදේශක බැසිල් රාජපක්‍ෂට උපදේශයක්……

බැසිල් රාජපක්‍ෂ මහත්මයාණෙනි,

මේ වන විට ඔබ මගේ ප්‍රියතම දේශපාලනඥයා බවට පත් වී තිබේ. ඒ ඔබ කාර්යක්‍ෂම භාවය, විචක්‍ෂණ දේශපාලන බුද්ධිය, ශූර පුද්ගල පරිහරණය , තැනට සුදුසු නුවණ, වැනි විශිෂ්ඨ දේශපාලනඥයෙකු සතු ගුණාංග වලින් අනූනව සිටීම නිසාය… (ඔන්න ඔන්න… කඩේ යනවා කියලා සමහරු මට කියාවි……).

බැසිල් රාජපක්‍ෂ

එහෙත් අද ඔබ ගැන කතා කරන්නේ ඔබ සතු අනාගතය අද දැකීමේ ගුණාංගය නිසායි. ඒ මෑත දී Daily Mirror පත්‍රයේ ඔබ පවසා ඇති අනාගත වාක්‍යය මෙතුවක් කල් දේශපාලනඥයෙකු විසින් දෛවඥයෙක් පැරැද්දවූ එකම අවස්ථාව ලෙස ඉතිහාසගත වන නිසාවෙනි. ඔබ කියා ඇති පරිදි 2010 දෙසැම්බර් වන විට ලංකාවේ සහල් මෙට්‍රික් ටොන් 449,113 ක අතිරික්තයක් ඇති විය හැකි බවයි….

මේ ප්‍රකාශය එක්කෝ ඔබගේ නිලධාරීන් විසින් දුන් ඉලක්කම් හරඹයක් මත කරන ලද්දක් හෝ නිසැකවම අනාගතය ගැන බලා ඔබ පැමිණි නිගමනයක් අනුව කරන ලද්දක් හෝ විය හැකිය. නමුත් මගේ අදහස නම් කිසිදු අවස්ථාවක මෙවන් සංඛ්‍යාලේඛණයක් සිරි ලංකාවේ හරි යන්නේ නැති බවය. විවිධ හේතු මත මෙම ටොන් 449,113  අගය අවම වශයෙන් 450,000 හෝ 445,000 අතර දෝලනය විය හැකි බව සහ විවිධ හේතූන් මත මෙය විශාල ලෙස අඩුවැඩි විය හැකි බව නිසාය… මම දන්නා Statistics අනුව මේ අවසාන 113 වැනි සංඛ්‍යා පිළිබඳව  ප්‍රකාශ නිකුත් කිරීමේ දී ඔබ සැළකිලිමත් විය යුතුය. දෙසැම්බර් මාසය වන්නට තව මාස ගණනාවක් තිබේ. ඔබතුමාගේ කරුමෙට හදිසියේ සුළි සුලඟක් ඇවිත් අස්වැන්න අඩු වුවහොත් ඔබතුමා නිරපරාදේ බොරුකාරයෙක් වනවා ඇත. එසේ වනු දකින්නට මා කැමති නැත.

ඔබ ආචාර්ය මර්වින් සිල්වා මෙන් ආවාට ගියාට දේවල් කියන්නේ නැත… ඔබ කියන දේ බොහෝ දෙනා විශ්වාස කරති.. ඒ නිසා ඔබ විසින් අර ටක්කෙටම ගාණ කියූ නිලධාරියා එළවා දමා, මාව ඒ තනතුරට පත් කළහොත් අවම වශයෙන් ගාණ බේරාගෙන ප්‍රකාශ නිකුත්කළ හැක…. මා ඔබට ඇති හිතවත් කම ඔබෙන් කිසිදු මුදලක් අය නොකර ඔබ වෙනුවෙන් ලියූ මේ ලිපියෙන් ඔබට දැනෙනවා ඇත….. (ඊට පස්සේ ලියපු එක බලන්න එපා හොඳේ…..  ඒක ලිව්වේ විහිළුවට )

ජයවේවා…. !

හිතවත් ඡන්දය නැති දායක

ඇල්කෙමියා.

3 thoughts on “දේශපාලනය නොදන්නා මගෙන් ජනාධිපති උපදේශක බැසිල් රාජපක්‍ෂට උපදේශයක්……

  1. අපරාදෙ මල්ලි ඔයා ටයිප් කරන්න ගිය කාලෙ…වැඩිය ඕනි නෑ අවුරුද්දක් පරණ පත්තර අරගෙන පොඩ්ඩක් බලන්න මේ සෙට් එක කියපු දේවල් කීයක් කරල තියනවද කියල…..

  2. ඔය 10න් බෙදෙන්නෙ නැති ගණන් දාන එක කරන්නෙ එතකොට ඒ ගණන ගැන මිනිස්සුන්ගෙ විශ්වාසය වැඩිවෙන නිසා. 450000 කිව්ව නම් ඒක නිකං හිතල කියපු ගාණක් වගේ. 449113 කිව්වම ඉතින් ඕක හොඳට කිරල මැනල හොයාගත්තු ගාණක් කියලනෙ කවුරුත් හිතන්නෙ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )