රනිල්ට පිස්සු ද කොහෙද….. සත්ගුණවත් දානපති ආචාර්ය මර්වින් අංකල් එහෙම දෙයක් හීනෙකින් වත් හිතයිද ?

ප්‍රේමදාසත් මැරෙන්න සතියකට ඉස්සෙල්ලා කිරුලපන හන්දියේදි කිව්වා “මගේ චරිතය ඝාතනය නොකර මාව ඝාතනය කරන්න”  කියලා…. එහෙම කියලා කට ගන්න හම්බ වුනේ නෑ බල්ල මරපු හන්දියේදි බඩු හම්බ වුනා සීල් කරපු පෙට්ටියේ යන්න….. ඒ කවුද වැඩේ දුන්නේ ? අර ඔඩොක්කුවේ තියාගෙන හදල වඩපු බාබු….

පහුගිය දොහක දියවන්නා බයිලපොලේදී සදාකාලික විපක්‍ෂනායක රනිල් රාජපක්‍ෂ විසින් සත් ගුණවත් දානපති ආචාර්ය මර්වින් සිල්වා අංකල්ට අභූත චෝදනාවක් නගලා.. ඒ තමයි එතුමා මහජරා ආයතනයත් එක්ක එකතු වෙලා උන්දැව මරන්න යනවා කියලා… අනේ මන්දා.. රනිල්ට අමු කැවිලද, එහෙමත් නැත්නම් සොහොන් ලකුණු පහළ වෙලා ද කියලා… මම දන්න හැටියට මාමණ්ඩි යථාකාරී තථාවාදී පොරක්… කියන දේ කරනවා කරනදේ කියනවා… ඒ විතරක් නෙවෙයි මනුස්සයා ඇවිල්ලා නියම දුටුගැමුණු ලේ තියෙන සිංහල බෞද්ධයා සතෙක් සීපාවෙක්ට වත් අහිංසාවක් නොකරන මනුස්සයා… ඒ වගේ සත් ගුණවත් ඇත්තෙකුට මේ වගේ අභූත චෝදනාවක් නගන්න රනිල්ට කොච්චරක් පිස්සු හැදෙන්න ඕනද මං අහන්නේ ?

අපේ මර්වින් අංකල් මෑතදී මෙලොව පරලොව දෙකටම සහ අපේ නෑදෑ පරපුරේ හත්මුතු පරම්පරාවම දිවිය ලෝකෙ යන පිනක් මෑතදී කරගත්තා… සමහරු නොදන්නවට උන්දෑ තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුවන්වැලි සෑයේ කොතේ රන් ආලේප කෙරෙව්වා… ඒ විතරක් නොවෙයි ඒ පිළිබඳ පෞද්ගලිකවම සොයා බැලුවා.. මම බොරු කියනවා නම් අටමස්ථානාධිපති පල්ලෙගම සිරිනිවාස මහ නායක හාමුදුරුවන්ගෙන් අහලා දැනගන්න… ඒ විතරක් නොවෙයි… එතුමා කැළණිය අවට සුරා සැල් වැස්සවීමෙන් ජනතාවට මහා සෙතක් සිද්ධ වුනා. මෙන්න මේ වගේ අපේ හත්මුතු පරම්පරාවම නිවන් යන පින් රාශියක් එතුමා සිද්ධ කරගෙන තියෙනවා.

දැන් රනිල් තමන්ගේ අවසාන කාළය ඇවිල්ලා සිහි විකල්ලෙන් දඟලන කාලේ. රනිල්ට මතක නෑ මහජරා සංවිධානය රනිල්ට කඩේ ගිය කඩේ යෑම. ඒ බව අමතක කරලා හෝ අමතක වෙලා රනිල් පිස්සු කෙළිනවා. ඇරත් සිරස එක්ක ජන්මාන්තර වෛර බැඳගෙන ඉන්න අපේ මර්වින් අංකල් ඔය වගේ තුට්ටු දෙකේ වැඩකට උන් එක්ක ආයෙ යාළු වෙයිද මං අහන්නේ ?..

රනිල්ට ගේම දෙන්නේ කව්රුවත් නොවෙයි. රනිල් උකුලේ තියාගෙන හදපු රවි කරුණානායක අනාගත නායක තුමා. රාජපක්‍ෂ පවුල් සංස්ථාව රනිල්ට තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරෙයි. රනිල් ඉන්නකම් රාජපක්‍ෂලාට ගේමක් නැතුව තව සියවසක් රජකම් කරන්න පුළුවන් කියලා ඒ අය දන්නවා. මේ නිසා මයි රාජපක්‍ෂ රජ පවුල මොන දහං ගැටයක් දාලා හරි රනිල් විපක්‍ෂ නායක කමේ තියාගන්නේ. දැන් නායක කමට තරඟ කරන ප්‍රේමදාස ජූනියරුත් රේස් එකෙන් හැලීගෙන යන්නේ. එතකොට ඉතුරු වෙන්නේ රවි කරුණානායක විතරයි.. රවිට නායක කමට එන්න ඇති එකම බාධකය රනිල්.. මෙන්න මෙහෙමයි වැඩේ.. ඒ නිසාම රවි කරුණානායක අසරණ රනිල්ව අන්දලා, මර්වින් අංකල් උන්දැව මරන්න එනවා කියලා… රවි රනිල්ට ගේම දුන්නාම ඒක යන්නේ අසරණ මර්වින් අංකල් පිටින්… මෙන්න මේකයි Conspiracy තියරිය…. වැඩි දවසක් යන්න ඉස්සර රවි ගේම දෙනවා රනිල්ට…

මේ නිසා මම නම් කියන්නේ ලංකාවේ ත්‍රිවිධ හමුදා හතර පහම දාලා අසරණ රනිල්ව ආරක්‍ෂා කරගන්න කියලා… අහිංසකයා මලොත් රට තවත් අවුල් වෙනවා…

10 thoughts on “රනිල්ට පිස්සු ද කොහෙද….. සත්ගුණවත් දානපති ආචාර්ය මර්වින් අංකල් එහෙම දෙයක් හීනෙකින් වත් හිතයිද ?

    1. ගිණි බෝලේ,
      මම හිතුවෙ නම් මහරාජා සමාගම කියලා… මොකද මෑතදී සිරස රනිල්ට නැති වෙන්න ගැහුවා….
      ඒක නෙමෙයි ඔයා දන්නවද මම කව්ද කියලා ? ඔයා මගේ යූ ටියුබ් වීඩියෝ වලට comments පවා දාලා තියෙනවා… සමහර වෙලාවට වෙබ් සයිට් එකක දාන්න කියලා article පවා මට එවලා තියෙනවා.. මම මකරා… 🙂

    1. ඒ වුනාට කප්පං ව්නත් මහන්සියෙන් එකතු කරගනිපු සල්ලි නේ….. පොලී මුදලාලි පන්සලේ ප්‍රධාන දායකයා වෙන කාලේ අපේ මර්වින් අංකල් ට රුවන්වැලි සෑයේ කොතේ රන් ආලේප කරන්න තහනම් ද ?

  1. අර මර්වියා සුරා සැල් වහපු කතාවෙනම් වෙනම සීන් එකක් තියෙන්නේ.. ඡන්දෙට වියදම් කරන්ට සල්ලි දුන්නෙ නැති හින්දා කියල තමයි කතාව ගියේ… කොහොම වුනත් යුව රජතුමා අණ දුන්නනෙ වහපු එව්වා අරින්ට කියලා…
    අනිත් එක ශ්‍රීමතාණෝ ඔය හන්දියේදි ඝාතනය වුනාට පස්සෙ නේද ඔය හන්දිය බල්ල මරපු හංදිය වුනේ…
    රනිල්ට මදුරුවෙකුටවත් විදින්ට රජතුමා ඉඩ තියයි කියලා මමනම් හිතන් නෑ..

nimal වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න