සබ්බේ Politiciaනා Opportunistiකා

මහින්දට තුන ලැබුනේ රනිල්ගේ තුනට ඩෝං ගා කුළුගෙඩි පාරක් ද දෙමිනි.

සැමදා ඔබ ළඟ ඉන්නම් කියූ මනුෂ මල්ලී ද (ඌට මල්ලී කියන්න මට අයිතියක් ඇත… ඒ ගාල්ලේ ඉස්කෝලෙ යන කාලෙ පහල පන්තියේ හිටි ඌ මට අයියේ කියා ඇමතූ නිසාවෙනි)

මගෙයි කියා පවසන්නම් කියූ පබාවතී නංගී ද රනිල්ට කොකා පෙන්වා මහින්දගේ පැත්තට ගොස් ඇත…. මේ පිල් මාරුවක් සිදු වූ පළමු වතාව නොවේ.

සිදු වන අවසන් වතාවද නොවේ…. මේ දේශපාලනය නම් මඩ ගොහොරුවේ ස්වභාවයයි.

පිල් මාරු නොකළ දේශපාලුවෙකු සොයා ගැනීම බොහෝ අමාරු රාජකාරියකි. ඒ අතින් බලන විට මහින්ද කවදාවත් පිල් මාරු නොකළ දේශපාලුවෙකි.

චන්ද්‍රිකා හිටු කියලා ගහත්දීත් මහින්ද කට්ට කාගෙන සිරි ලංකා එකේ හිටියේය…. ඒ කට්ටේ ප්‍රතිඵල දැන් පරම්පරා 7 කට ලැබී තිබේ… දැන් ඉතින් රාජපස්ස පරපුර සිරි ලංකා ඉතිහාස පොතේ පරිච්ඡේද 25 කට විතර ඉස්සරහට ලියවෙනු ඇත… නාමල්ගේ පුතා ජනාධිපතිවරණයට ඉල්ලනවිටත් රනිල් තරඟ කරන බව ඇල්කෙමියාට විස්සාසය.

දේශපාලුවන් අවස්ථාවාදී වන්නේ ඇයි ?.

දේශපාලුවන් එකෙක්වත් දේශපාලනයට එන්නේ අපට සේවය කරන්නට නොව, උන්ට සේවය කරගන්නටය යන කාරණය අපේ ගොන් හරක් ඡන්ද දායකයන්ට සහ දේශපාලුවන්ගේ හෙංචයියන්ට වැටහෙන්නේ නැත. එසේ නැත්නම් වැටහෙන්නට මොළයක් නැත, එසේත් නැතිනම් වැටහුනත්-නොවුනා සේ සිටිති. ඡන්ද දායකයා ගොනාට අන්දාගෙන ඉන්න පුළුවන් තාක් කල් දේශපාලුවා යහතින් වැජඹේ. එපමණක් නොව ඒකාගේ හත්මුතු පරම්පරාවම ගොඩ දාගන්න වැඩ කර ගනී. රට හදන්න ආ එජාපෙත් ජවිපෙත් පොදුජන එක්සත් පෙරමුණත් එකය. ඒ කියන්නේ උනුත් මුනුත් අරුනුත් එකය… එපමණක් නොවේ ගරු කටයුතු හාමුදුරු පක්සෙත් එකය… උන්නාන්සෙලා ඔක්කොටම වැඩිය හපන්ය. උන්නානාසේලා පාර්ලිමේන්තුවේදී සත් ගුණවත් ආචාර්ය මරිසි තුමාට කියලා කිරිපල්ල මිරිකවාගත්තේ නොදන්දා මංගල්‍යයන් වදාරන්න ගිහිල්ලා බව හැමෝටම අමතකය… දනුන බෑණාගේ අම්මාට අකැප ඩොලර් රතන හිමියන්න කැප වුනේද මේ අවස්ථාවාදී බවේ එන, කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා කරන විශිෂ්ඨ දේශපාලන සම්ප්‍රදාය නිසාවෙනි….

දේශපාලුවන්ගේ අවස්ථාවාදී බව හොඳටම කියාපාන්නේ ප්‍රභාකරන්ගේ ඉරණමයි. කට්ටිය කියන අන්දමට මහින්ද බලයට ආවේ ප්‍රභාට කුට්ටියක් දීලාය කියලයි. එහෙම කරපු ප්‍රභාට පොන්සේකා ලවා ගේම දුන්න මහින්දගේ පිහිටට ආවේ රනිල්ගේ කපටි ටිකිරි මොළයයි.

රනිල් ජනාධිපතිවරණෙට ඉල්ලුවා නම් වැලේ වැල් නැතිව විපක්‍ෂ නායක කමත් ගහලා යන නිසා ජේවීපිය මාට්ටු කරගෙන සරත් ෆොන්සේකව ගොනාට අන්දලා ජනාධිපතිවරණෙට යැව්වා.

ෆොන්සේකටත් දිනන්න බැරි වෙච්චි එකේ මම කොහොම දිනන්නද කියලා ඒකට නිදහසට කරුණු කිව්ව රනිල් ඊළඟට කළේ ෆොන්සේකව පැත්තකට කරලා මහ ඡන්දෙට ඉල්ලපු එකයි. ෆොන්සේකා එක්ක සන්ධානගත වෙලා ඡන්දෙ ඉල්ලුවා නම් ෆොන්සේකට විපක්‍ෂ නියක කම දෙන්න වෙනවනේ…. මෙන්න මේකයි නියම දේශපාලන බුද්ධිය හෙවත් අවස්ථාවාදීත්වයේ උපරිමය… ඒ වගේමයි, මහින්දත්… රනිල් ජිවත් වෙලා ඉන්නකම් රනිල්ව කෙසේ හෝ යූඑන්පියේ නායකත්වයේ තියන්න මහින්ද නොගන්නා උත්සාහයක් නෑ… රනිල් විරෝධීන් පොදු පෙරමුණට ගන්න කාරියත් මේ දෙන්නා කතා වෙලා කරන දෙයක්… මෙන්න මෙහෙමයි ලංකාවේ දේශපාලනය….

පබා ආණ්ඩුවට ගියාම පබාගෙ මහත්තයාගේ කාර් සේල් එකට කාර් ලැබුනෙ කොහොමද කියලා ඔප්පු කරනවා කියපු දයසොරිට දැනුයි මතක් වෙලා තියෙන්නේ ඒ බව කියන්න… හැබැයි පබාගෙ මහත්තයාට කාර් හම්බ වෙලා ඇත්තේ පබා යූඇන්පියේ ඉන්න කාලෙ වෙන්න ඇති.. ඒ බව දයාසොරිට අමතක වෙලා….

ඉතින් මේ වගේ අළුගුත්තේරු දේශපාලුවන්ට නැවත නැවතත් පාර්ලිමේන්තුවට පත් වෙන්න ඡන්දෙ දෙන එවුන්ට තලන්න ඕන මඩු වලිගෙකින් හොඳට පාර හිටින්න… ගොටුකොළ නස්නෙයක් හදලා නහයට වක්කරන්න ඕන මොලේ පෑදෙන්න….

ලබන ඡන්දෙදි වත් මොලේ පාවිච්චි කරලා රටට වැඩක් ඇති එවුන් ටිකක් පත් කරලා යවනවලා… අපිට නං ඇති අමාරුවක් නෑ….. අපිට ඔබාමා කොරලා දෙයි…. ලංකාවෙ ඉන්න අය තමයි විඳවන්නේ…..

4 thoughts on “සබ්බේ Politiciaනා Opportunistiකා

  1. ඔය මහත්තයගේ කටේ උම්බලකඩ කෑල්ලක් දාන්ට හිතයි…සම්පූර්ණ ඇත්ත කතාව…ලංකාවේ වෙන විච්චුම්බර බලං ඉන්නකොට හිනා වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බෑ…

  2. අනේ මහත්තයෝ
    උඹ කියන විදිහට අපිට අපේ ඡන්දෙන් පත් කරල යවන්න මේලෝකෙ එකෙක් නැහැ. මොකෝ ඔක්කොම පාවාදෙන්නෝ. දෝහියෝ. අවස්ථාවාදියෝ. අනේ මහත්ත‍යෝ ඒ නිසා උඹවත් වරෙන් අපේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගිහින් රට හදන්න…

    ඒක නෙවෙයි යෝදයෝ ඇත්ත
    බත් තියෙද්දි ගොම තෝරගන්න විතරක් මොලේ තියෙන ජනතාවත් හදල තියෙන්නේ කවුද? ඒ මිනිස්සු දැන් කොච්චර බත් පේනනුවත් තෝරගන්නෙම ගොම තමයි. කොහොමද රස ගුණ? අම්ම මුත්ත කිව්වත් අතාරින්නෙම නැහැ

    1. මම ආවත් ඔච්චර තමයි… මේ සිස්ටම් එකට අනුව බුදු හාමුදුරුවො දේශපාලනයට ආවත් Corrupt වෙනවා……
      ගොන්නු ඉන්න ඉන්න දේශපාලුවොන්ට හොඳයි… ඒකයි උන් හැමෝවම ගොන්නු කරන්න බලන්නේ…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )