කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙන්නේ මෙන්න මෙහෙමයි…..

අපි හැමෝම කුඩා කාළයේ පටන් අසා ඇති ප්‍රසිද්ධ කියමනක් තමයි “කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ” කියන දේ. බොහෝ විට පුස්තකාලවල ඇතුළු වන දෙරටුවේම මෙය ලියා තිබෙනවා හැමටම පේන්න… මෙය නිකංම නිකං කියමනක් නෙවා බව නම් පොත් පත් කියවන බොහො දෙනා දන්නවා. කියවීමෙන් අප සම්පූර්ණ වන්නේ අප ලබා ගන්නා දැනුමෙන් පමණක්ම නොවන බව නවතම පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා. ඒ පිළිබඳ Science සඟරාවේ පළවුන ලිපියක සරළ සිංහල පරිවර්තනය තමයි අද මේ ලිපියේ නිමිත්ත.

මිනිසා කියවීමට සහ ලිවීමට පටන් අරගත්තේ අවුරුදු 5000 ක් වැනි කෙටි කාළයක් තුළදීයි. පරිණාමයට අනුව නම් මෙය ඉතාම කුඩා කාලඡේදයක්. එසේ වුවත් ස්නායු විද්‍යාඥයින්ට නම් මිනිසාගේ මෙම හැකියාව තවමත් ප්‍රහේලිකාවක්. මක් නිසාද යත් විවිධ හැඩතල රටා භාෂාවක් ලෙස හඳුනාගැනීම සහ එය හැසිරවීම ඇත්තෙන්ම විශ්මයජනක කාර්යයක් නිසා. මේ සියල්ල සිදු වන්නේ මොළයේ විවිධ පරිපථ සම්පූර්ණ වීමෙන්. නමුත් මේ පරිපථ මොනවාදැයි යන්න දැනගැනීම තවමත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට ප්‍රංශ විද්‍යාඥ කණ්ඩායමක් බෙල්ජියම්, පෘතුගාල සහ බ්‍රසීල විද්‍යාඥයන් සමඟ අත්වැල් බැඳගත්තා. එහිදී ඔවුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 63 දෙනෙකුගේ මොළය පරිලෝකනය (Scan) කළා. මෙම 63දෙනා විවිධ කාණ්ඩයන්ට අයිති වුනා. ඉන් 31 දෙනෙක් කුඩා කළ සිටම කියවීමට මනස පුරුදු පුහුණු කළ අය; තවත් 22 දෙනෙක් කියවීමට පුරුදු වෙලා ඇත්තේ වැඩිහිටි වූ පසුවයි. ඒ 63 දෙනා අතර කියවීමට නොහැකි  10 දෙනෙකු ද ඇත්ළත් කරගත්තේ මෙයට පාලක පරීක්‍ෂණයක් ලෙස එක් කිරීමටයි.

මේ පරීක්‍ෂණයේ ප්‍රතිඵල අනුව කුමන අවදියේ පුහුණු වුවත් කියවීමට හැකි අයගේ මොළයේ කිහිප තැනක්ම කියවීමට ඇති වචන දුටු විට දැඩි ප්‍රතිචාර ලබා දුන්නා.  මේ අනුව ඔවුන් පවසා සිටියේ මෙම ස්ථාන වලින් මොළයේ වම් පැත්තේ පිහිටි අවමූර්ධ (Occipital) සහ ශංඛක (Temporal) කණ්ඩිකාවන් කියවීම සඳහා වැදගත් වන බවයි. කියවීමට හැකි අයගේ වම් ශංඛක කණ්ඩිකාව කථනයේදීද ප්‍රතිචාර දැක්වුවත්, කියවීමට නොහැකි අයගේ එසේ ප්‍රතිචාර දක්වා නැහැ. මෙයින් හැඟෙන්නේ කථනයේදී උපයෝගී කරගැනීමට පරිණාමය වූ මොළයේ පරිපථ යමක් කියවීම සඳහා ද මොළය විසින් උපයෝගී කරගනු ලබන බවයි. එනම්, මොළය විසින් මුලින්ම දැකීමට සහ කථනයට උපයෝගී කරගත් ප්‍රදේශම කියවීමටත් යොදා ගැනීම ඇත්තවශයෙන්ම කාර්යක්‍ෂම බව ඒ විද්‍යාඥයින් පවසනවා. නමුත් මෙහි අවාසියකුත් තිබෙනවා. විද්‍යාඥයින් සොයාගත් කරුණු අනුව, කුඩා කළ සිට කියවීම පුහුණු කළ අය මුහුණු හඳුනාගැනීම සඳහා මොළය භාවිතා කර ඇති ප්‍රමාණය කියවීමට නොහැකි අය ගේ එම ප්‍රමාණයට වඩා කුඩායි. ඒ අනුව ඔවුන් අපූරු තර්කයක් ගෙනෙනවා,  එනම්, මොළය කියවීම වෙනුවෙන් යොදවන ප්‍රදේශය වෙනත් කටයුතු සඳහා යොදාගනිමින් තරඟකාරීත්‍වයක් ඇති කරන බවයි. මේ නිසා කියවීමට ඉගෙන ගැනීම නිසා  යමෙකුගේ මුහුණ නැවත වරක් හඳුනාගැනීමේ හැකියාව අඩුවන බව සිදුවන්නේ දැයි යන්නට ඔවුන් දැන් පර්යේෂණ කරමින් පවතිනවා.  නමුත් ඔවුන් අනුමාන කරන්නේ මෙහි විශාල වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

කෙසේ වුවත් මෙම සොයාගැනීම අනුව භාෂාවක් කියවීමට මෙළයේ වම්පස  අවමූර්ධ (Occipital) සහ ශංඛක (Temporal) කණ්ඩිකාවන් වැදගත් වන බවට තිබූ මතය තහවුරු වන බව ස්ටැන්ෆර්ඩ් සරසවියේ ස්නායු විද්‍යාඥයෙක් වන බ්‍රයන් වැන්ඩෙල් පවසා සිටිනවා. මෙතෙක් කල් බොහෝ පර්යේෂකයන් සිතා සිටි පරිදි මොළය වයසට යත්ම නම්‍යශීලී නොවනවා ය යන්න මෙයින් අවලංගු වනවා. වැඩිහිටියන් වුවත් කියවීමට ඉගෙන ගැනීමේදී මෙම කොටස් ප්‍රයෝජනයට ගැනීමෙන්  පෙනී යන්නේ ජීවිත කාළය පුරාවටම ඉගෙනීමේ අගය අපට වැදගත් වන බවයි.

තවද, මෙයින් සනිථ වන්නේ කුඩාකළ සිටම කියවීමට හුරු කිරීමෙන් මොළයේ ඒ ඒ අදාල ප්‍රදේශවල වර්ධනයයි. එසේම පිසල් යාමෙන් සිදු වන්නේත් මෙසේ කියවීමට ලිවීමට මනස හුරු පුරුදු කිරීමයි. ඉතිං නිකං ඉන්න වෙලාවට TV බල බලා ඉන්න දරුවන් පුරුදු කරන්නේ නැතිව පොතක් පතක් කියවන්න පුරුදු කළොත් නරක නෑ නේද ?

4 thoughts on “කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙන්නේ මෙන්න මෙහෙමයි…..

  1. ඇත්ත තමා, දැන් ගොඩක් දෙනා කරන්නේ පොඩි එවුන්ව නිකං ඉන්න වෙලාවට TV එක හරි නැත්තං PC එක ඉස්සරහා වාඩි කරවන එක තමා. ඒක කොයිතරම් නරකයිද කියන්න තරම් වත් පොත් පත් කියවලා නැති දෙමව්පියන්ට තමා මුලින්ම මේ වගේ දෙයක් කියලා දෙන්න ඕනේ.

    1. ලංකාවෙ බොහොමයක් අම්මලා තාත්තලා ළමයින්ට පුරුදු කරන්නේ TV බලන්න විතරයි…. මම මුලින්ම පුස්තකාලයකට බැඳුනේ අවුරුදු 5 දී…. එතකොට පොත් 2 යි එකවර ගන්න පුළුවන්. පොත අරගෙන ගෙදර එනකොට මගදිම බාගයක් කියවලා ඉවරයි.
      මම එහෙමයි පොත් වලට ඇබ්බැහි වුනේ ඉස්සර කෑම කන්න බෑ පොතක් නැති නම්…. පොත පැත්තක තියගෙනයි මම කෑම කෑවේ…. තාත්තා මට නම දාලා තිබුනේ “පොත් ගුළුගේ“ කියලයි…
      මම මගේ පොඩි එකාටත් ගෙනත් දෙන්නේ පොත්ම තමයි… ඒත් ඌට කාර් පිස්සුවක් ගහලා දැන් කාර් එකතු කරනවා.. ඒත් රෑට නිදියන්න ඉස්සෙල්ලා පොත් 2 ක් කියවලයි නිදියගන්නේ…
      ලංකාවෙ බොහොමයක් දෙනා පොත් කියවන්නේ පොෂ් එකට පේන්න… මේවා කාට කියන්නද ?

      මාළුවෝ,ප්‍රතිචාරයට ස්තුතියි…. මගේ පොඩි එකාත් ඔයා වගේ මාළු කීපදෙනෙක් බොහොම ආදරයෙන් බලාගන්නවා….

    1. ලියනවා ලියනවා… දැන් දිනපොතකුත් ලියනවා නේ…. ඒ මදිවට තව වැඩ ගොඩයි… Indi දිනපොත තවම Kottu එකට දාලා නැහැ….
      ලිපි ගොඩක් ගියෙනවා සංස්කරණයේ… ඉවර වුන ගමන්ම දාන්නම්..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )