මමත් 50 ක් ගැහුවා ඕං

මගේ ලිපි බලපු, කියවපු, විවේචනය කොරපු, බැනපු, සහ කොමෙන්ටු දාපු සියළු දෙනා වෙතටයි,

2010 අප්‍රේල් 13 වැනි අවුරුදු දා සිට පසුගිය මාස කිහිපය තුළ මගේ ලිපි 49 කියවා, ඒ පිළිබඳ පැහැදී හෝ අපැහැදී කොමෙන්ටු දැමූ සහ නොදැමූ ඔබ සියළු දෙනාට මාගේ ප්‍රණාමය පිරිනමමි. ඒ කාළය තුළ 8300 කට අධික ප්‍රමාණයක පිරිසක් ඇල්කෙමියාගේ රසායනාගාරයට ගොඩ වැදී ඇත.

මම මගේ ශක්ති ප්‍රමාණයට ඔබව දැනුවත් කිරීමට උත්සාහ කරමි. දන්න සිංහල ටික හරියට ටයිප් කරගෙන සහ අන්තර් ජාලයේ සැරිසරා ඔබ වෙත මේ කරුණු ගෙන එන්නට මම ඇල්කෙමිච්චිගෙන් ද බැණුම් අහගෙන නිතර වෙහෙස වෙමි. ඈ නිතර කියනා පරිදි, “ගෙදරට කිසිවක් නොකර ලෝකය හදන්නට යන” පුද්ගලයන් ගොන්නට සමහර විට මම ද එක් වෙමි.

මගේ රාජකාරි ජීවිතය සහ පවුල් ජීවිතය සමබර කරගෙන මේ කාරිය කිරීමේදී නිතර නිතර ලිපි පළකිරීමට අපහසු වීම ම හාෆ් සෙන්චරිය පසු කිරීමට මෙපමණ කළක් ගත වීමට හේතුවයි. එසේ වුවත් මා වැඩිපුර අවධානය යොමු කරන්නේ ලිපියේ ගුණාත්මක බව සහ එයට ඇතුළත් කරන කරුණුවල නිරවද්‍යතාවය නිසා මම මගේ ගමන මේ ආකාරයෙන් හෙමින් යාම පිළිබඳ මට ගැටළුවක් නොමැත.

මෑතක දී මා “ඇල්කෙමියාගේ දිනපොත” ද ලියන්නට පටන් ගත් අතර එය ද ළඟදීම ඔබගේ සින්ඩිකේටරයට ලැබීමට කටයුතු කරමින් සිටිමි.

ඉඳහිට දේශපාලනය සම්බන්ධයෙන් ලිපි පළකළද, මගේ අවධානය යොමුව ඇත්තේ ඔබව වචනයකින් හෝ දැනුවත් කිරීම පිළිබඳවයි. මේ වසරේ මාගේ ලිපි බොහොමයක් අධ්‍යාපනික වශයෙන් සහ ප්‍රජා සෞඛ්‍යමය වටිනාකමක් ඇති ලිපි බවට පත් කිරීමට මම උත්සාහ කරමි. තනිකරම රසායන විද්‍යාව සම්බන්ධ ලිපි පළකල හැකි වුවද, සාමාන්‍ය පාඨකයාගේ රසායන විද්‍යා දැනුම හා මගේ ලිපි අතර පරස්පර තිබිය හැකි බැවින් ඔබට තේරෙන අයුරින් ලිපි ලිවීමට මා සැමවිටම උත්සාහ දරමි.

මෙතෙක් කල් මා සමඟ සිට මට ධෛර්යය දුන් ඔබ සැමට ප්‍රණාමය…

මෙයට,

ඇල්කෙමියා.

12 thoughts on “මමත් 50 ක් ගැහුවා ඕං

Alchemiya වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න