මර්වින් ඇමති තුමනි, මේ වතාවේ ඔබ නිවැරදිය….

පුවත් මවන ඇමති වරයෙකු වන ආචාර්ය මර්වින් සිල්වා ඇමති තුමා පසුගිය දවසක සිය බල ප්‍රදේශය තුළ නව නීතියක් පණවා තිබුණා. එනම් මිරිස්, තක්කාලි, බණ්ඩක්කා, සහ වැටකොළු යන එළවලු වර්ග කැළණිය ප්‍රදේශයේ අලෙවිය තහනම් බවත්, මින් පසු ඒ ප්‍රදේශයේ ජනතාව ඒවා සිය ගෙවත්තේ වවාගත යුතු බවත් ය.

මෙය ඇත්තෙන්ම කරන්නට තිබුණේ බොහෝ කළකට පෙර බව මගේ හැඟීමයි. ශ්‍රී ලාංකිකයා අලස කමේ මුදුන් පෙත්තටම නැඟ, සියල්ල රජයෙන් දෙනකල් බලා සිටින සමයක, අලස ශ්‍රී ලාංකිකයාගේ ඇස් ඇරීමට මෙවන් දෑ කළ යුතුය… අවම වශයෙන් ගෙවත්තේ එළවලු පැලයක්වත් හිටවා නොගන්නා අලසයා, එළවලු මිල වැඩි වීම පිළිබඳ ආණ්ඩුවට දොස් නඟමින් වැලපෙයි.

අප රටේ බොහෝ දෙනාට සිදුව ඇති විපත මෙයයි. ජනසවිය හෝ සමෘද්ධිය ලබන්නා, ආණ්ඩුවෙන් එය නිකම් දෙන නිසා රැකියාවක් කිරීමට හෝ වෙනත් දෙයක් කිරීමට ක්‍රියා නොකරයි. රැකියාවක් කළහොත් සමෘද්ධිය අහිමි වන නිසා, නිකම් කකා ගෙදරට වී කාළය ගත කරයි. සවසට ළඟම ඇති කසිප්පු තිප්පලට වැදී පදමට වෙරි වී අඹු දරුවනට ද හිරිහැර කරයි. මේ “සමහරක්“ සමෘද්ධිලාභීන්ගේ දින චර්යාවයි.

නිවසේ ගෙවත්තේ එළවලු වගා කිරීම පිළිබඳ මා, මීට පෙරත් වෙනත්බොහෝ දෙනෙකුත් තම තමන්ගේ බ්ලොග් අඩවි වල විටින් විට අදහස් පළ කර තිබෙනු දැකිය හැක..  සාමාන්‍යයෙන් අමෙරිකානු නිවසක වුවත් දැන් දැන් විවිධ එළවලු වර්ග වගා කරගෙන නිවයේ වියදම පිරිමසා ගැනීමට ඔවුන් පුරුදු වෙමින් සිටිති… එසේම එය ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය සුව අතට හැරීමට බලපාන බව වෛද්‍ය වරුන්ගේ මතයයි….

ඉතිං මර්වින්ට බැණ බැන ඉන්නේ නැතුව ගෙවත්තේ එළවලු පොඩ්ඩක් වගා කරගත්තොත් නරකද ?

18 thoughts on “මර්වින් ඇමති තුමනි, මේ වතාවේ ඔබ නිවැරදිය….

  1. මැර බලයෙන් නීති පැනවීමට වඩා දැනුමින් අවබෝධයක් ලබා දී ඒ අවබෝධයෙන් ලැබූ උවමනාවෙන් යමකට පිවිසීම වැදගත්. නැත්නම් මැරයා ඉන්දැද්දී භයෙන් යමක් කර හෝ නොකර ඉන්න පටන් ගත්තත් මැර බලය අහෝසි වෙච්ච දාට ඊට හසු වූ උදවිය ආයෙත් පරණ හුරුවටම බහිනවා.

    හාල් පොලු, මිරිස් පොලු, පාන් පෝලිම් වලින් පිරි ලංකාවේ ‘හත් වසරක සාපය’ නම් වූ කාලය ගැන අසා ඇත් ද? ඉන් රට බතින් බුලතින් සරුසාර වූයේ නැත. සල්ලි අතැති උදවියට පොලු හරස් වූයේත් නැත. දුප්පතා නම් හැමදාමත් උස්සාගෙන දුවන සාගත මල්ලත් රැගෙන පෝලිම් වල ලැග සිටියෝය.

    හදිසියේම භාණ්ඩ අලෙවිය තහනම් කිරීමෙන් පාඩුව එයින් දවසේ වියදම සොයාගත් වෙළෙන්ඳාට
    හා වගා කළ ගොවියාට ය. පාරිභෝගිකයෝ වෙනත් දැයක් අනුභව කරනු ඇත. කැළණියේ අලෙවි නොවූනාට කොළඹට, නුගේගොඩට ගිහින් තහනම් එළවළු මිල දී ගන්න වාහන ඇති අයට හැකිය. අවසානයේ මිරිස්, තක්කාලි, බණ්ඩක්කා හා වැටකොළු කන්නට නැතිව යන්නේ නීති පිළිපදින දුප්පතාට ය.

    නීති නොදා, තර්ජනයක්, ගර්ජනයක්, මර්ධනයක් නැතිව, ආහාර පිණිස පැළයක් තමන් විසින් ම හිටවන්නට අවබෝධය ලබා දීම තුලින් තමන්ගේ උවමනාවෙන් සාමූහිකව රටක් හැටියට උත්සාහයක් හැමෝම ගත්තොත් වඩා හොඳ නොවේ ද?

    මෙගා නාට්‍ය පෙන්වද්දී හදිසියේම ඒක අතරමඟ නවත්තලා තක්කාලි පැළයක් හිටවන හැටි ගැන මිනිත්තු පහක් කියා දුන්නොත්?!!!

    1. ඇත්ත,
      නමුත් මේ ආණ්ඩුවෙන් අපි වවමු – රට නගමු කියලා වැඩ සටහනක් කරගෙන යනවා…. ඒකෙන් දැනුවත් වෙන්න උවමනාවක් ඇති කෙනාට පුළුවන්…
      ලංකාවෙන් සිංගප්පූරුවට යන මිනිහා, පාරෙ කුණු දාන්නේ නැතිව, ඒ රටේ නීති වලට අණුකූලව හැසිරිලා, ලංකාවට ආවට පස්සේ බල්ලෙත් වගේ හැසිරෙන්නේ ඇයි ? හරි හමන් නීතියක් ක්‍රියාවට නැංවෙන්නේ නැතිකමයි…
      ලංකාවෙ මිනිස්සුන්ට කොහොමත් හොඳින් කිවුවා කියලා පිළිගන්නේ කීදෙනාද ? මොකද ඒ අයට මොලේ නැද්ද තමන් පැලයක් වගා කරගෙන කෑවාම තමන්ගේ වියදම අඩු වෙනවා කියලා හිතන්න ?
      මේ ඔක්කොම තමන් සිතින් මවා ගත් නිදහසට කාරණා…

      තර්ජන ගර්ජන කරලා මිනිස්සුන්ට කියලා බලෙන් එළවලු හිටවනඑක කරවන්න බෑ තමයි, නමුත්, අඩුම ගානේ මේ මඟින් මිනිස්සු ඒ ගැන පොඩ්ඩක් හිතන්නවත් පටන් ගනීවි…
      එක කාළයක් තිබුණා පුරන් වූ කුඹුරු වගා නොකළොත් රජයට පවර ගන්නවා කියලා… එතකොට ගොවියෝ අපූරුවට වගා කළා…
      මම නම් කියන්නේ බලෙන් හරි වගා කරවන්න ඕන කියලා…. සමහර වෙලාවට අපට ඒක දැන් තේරෙන එකක් නෑ. නමුත් ඵලදාව ලැබෙනකොට හිතෙයි, ඇත්ත නේද මේ පිස්සු ඇමතියා කියලා තියෙන්නේ කියලා..
      මර්වින්ගේ කතාවල ගතයුත්තක් තියෙනවා… නමුත් අපේ සමාජය මිනිහා දිහා බලන කෝණය වැරදි නිසා කියන කරන හැම දේම පෙනෙන්නේ වැරදි විදියට…
      උදාහරණයක් විදියට ඔහු කියපු අර “පක්‍ෂ වාද භේද අමතක කරලා විපතට පත් වෙච්ච අයට සහන සලසන්න එන්න“ කියලා JVP එකටයි UNP එකටයි ආරාධනා කරපු එකට මාධ්‍යවලින් කිසිදු හොඳක් කිව්වේ නෑ… නමුත් මේ ප්‍රකාශය අල්ලගෙන පලු යන්න බනිනවා…

  2. Prashne tiyenne, api banda huwamaru arthika kramayat pahu karala awilla tiyenne, oba oya kiyana widiyata, apita tawa karanna deyak tiyenawa, kiri harakek hadima kiri beema sandaha, kikiliyak hadeema bittara kanna, kumburak bath kanna , gedara lindak hara ganima wathura beemata, haki ayurin bicycle ekak pagala hari widuliya nipadawa ganima, gedarama tamange lamainta akuru iganweema,

    e hinda poddak oluwa kalpana karanna, oya kiyana arthika kramaya hamotama karanna bari hinda tamai, banda sewa arthika kramayath pahu karagena, mudal bhawitayata awe, tamunge nohakiyawa wahaganna eka eka wigadam karana deshapalakayanta wanda wanda passen duwanne nathuwa hitala balanna.

    1. මම දේශපාලනයට සහ දේශපාලකයන්ට කැමති පුද්ගලයෙක් නොවන බව ඔබ මගේ වෙනත් පෝස්ට් කියෙවුවා නම් තේරේවි…
      මම කියන්නේ නෑ ඔබ කියූ සැමදේම ස්වයංපෝෂිතව ඉන්න අවශ්‍ය විදියට කරන්න කියලා… නමුත් ඔබ හරි… අනාගතයේ බලශක්තිය පවා පුද්ගලිකව නිපදවාගත හැකි තැනට පත්වෙනවා. ඔබ නොදන්නවාට, දැනටමත් සමහර රටවල නිවෙස් සූර්ය බලශක්තිය නිපදවාගෙන ඒය පාවිච්චි කරන අතරම, අතිරික්තය මධ්‍යම බෙදාහරින මධ්‍යස්ථාන වලට විකුණනවා…
      සමහර රටවල ඉතා ඉහළට උගත් පවුල්වල පවා Home schooling කියන සංකල්පය පවතිනවා… බොහොමයක් නිවෙස්වල එළවලු වගා කරනවා…මේක තමයි ඇත්ත තත්ත්‍වය.. කවදා හෝ දවසක් එනවා තමන්ට තමනි විසින් බොහෝ දේ කර ගත යුතු….
      එදාට අපි මේ ගැන තවදුරටත් කතා කරමු….

  3. ඔබසදහන් කරන පුද්ගලයාගේ තරම තේරුම් ගැනීමට නම් ඔනැතරම් දේවල් පහුගියදවස් වල මාධ්‍ය මගින් දැකගන්න ලැබුනා. කාටහරි එවා මග හැරුනානම් මෙම සිදුවීමත් හොදටම ප්‍රමානවත් ඔහුගේ මොලයේ තරම තෙරුම් ගැනීමට,
    රටේ ඇතිතරම් ගොවිබිම් තිබියදී ඇතිතරම් ජලය තිබියදීත් රටේ අවශ්‍යතවය සැපිරීමට එළවළු නිපදවාගත නොහැකිව තිබියදී තමන්ගෙ නිවසවත් සාදාගැනීමට ඉඩක් නොමැති ඉඩමක පෝච්චියක දෙකක පැලයක් හිටවීමෙන් නිවසේ දින කිහිපයකවත් අවශ්‍යතාවය සපුරාගන්න පුලුවන්ද?

    ඔබ සදහන් කරන විදියට රටේ පුද්ගලයන්ගේ අලසකම රටට පිලිලයක් නමුත් මෙවැනි මැරයින්ගේ නීතිවලින් රටක් කිරීමටනම් අප විසි එක්වන සියවසේ නොසිට අතිතයේමෙන් මෝඩ ආරච්චිල කෝරලේලගෙ පාලන කාලෙට ගියානම් කිසි කරදරයක් නැහැ.

    අපසිටින්නේ ඉතාමත් තරගකාරී සමාජයක එහිදී ඔබකියන විදියට අතීතයෙ මෙන් තමන්ගේ එළවලු වවාගෙන, තමන්ගේ අනෙකුත් අවශ්‍යතවයනුත් නිවසේදීම සපුරාගෙන සිටීමට පුලුවන්කමක් නැහැ, එ ඒ වෘතීන්ට අදාලව සේවාවන් හෝ භාන්ඩ සැපයිමට වෙන වෙනම එ ඒ අංශ දියුනුවිය යුතුයි කියලයි මම හිතන්නේ

    1. ඇත්ත,
      මෙතනදි මම උදාහරණයට ගත්තෙ මාව සහ මා වට සිටින අනෙක් අය…
      මට කවුරුවත් එළවලු වවන්න කියලා නීති දාන්නේ නෑ. නමුත් මගේ කාර්ය බහුල ජීවිතයේ සහ ඉඩ නැති Apartment එකේ මම අවම වශයෙන් තක්කාලි ගස් 3 ක්, මිරිස් පැල 2 ක්, ගොටුකොළ, මුකුණුවැන්න, Curly Parsley, යන දේ වගා කරගෙන තිබෙනවා. සතියකට වතාවක් හොඳට පෝර දැම්මාම සතිපතා මාස 4 ක් පමණ හොඳ පලදාවක් ලබා ගන්න පුළුවන්. නිවසේ තුන් දෙනාගේ ආහාරයට ගෙන ඉතිරිය අපි මිතුරන් අතරේ පවා බෙදා ගන්නවා…
      මම කල්පනා කළේ මට මේ දේ කරන්න පුළුවන් නම්, අවුරුද්ද පුරාම හොඳට රස්නෙ තියෙන, එළිය තියෙන ලංකාවේ මේ දේ කරන්න බැරි ඇයි කියන එකයි…
      මමත් කැමති නැහැ තර්ජනයෙන් යමක් ඇඟට පටවනවාට…. නමුත්, ඔබම කල්පනා කර බලන්න… ළංකාවේ නීතියක් නොමැතිව මොන දේ ද මිනිසුන් හිතලා බලලා හරි විදියට කරන්නේ ?
      මාර්ග නීති දාහක් තිබුණත්, ඒවා නිතරම කැඩෙනවා… අවුරුද්දකට 10,000 කට අධික ප්‍රමාණයක් මාර්ග අනතුරු නිසා මිය යනවා… මේ ගැන කියල්ල ගියොත් Blog එකක් මදි…
      ඒකයි මම කිවුවේ මෙවැන්නක් මඟින් මිනිස්සු අවම වශයෙන් ඒ ගැන හිතන්න හෝ පෙළඹෙනවා කියලා..
      ඔබ දන්නේ නැතිව ඇති… මේ වැස්සයි ගංවතුරයි සමඟ ඇති වූ වගා හානිය නිසා එළවලු මිල තව මාස කිහිපයකින් හොඳටම වැඩි වන බව… එතකොට ඔබටම හිතෙයි… අපරාදෙ මමත් අඩුම ගණනේ තක්කාලි පැලයක් වගා කරලා තිබ්බනම් හොඳයි නේද කියලා…
      මේවා පෙන්නලා දෙන අපටයි මඩු වලිගෙන් තලන්න ඕනා…

  4. මට ඕනෑ නම් මා වවාගනිමි. ඒකේ හොඳ නරක කවුරුවත් කියා දිය යුතු නැත. මට කඩෙන් ගන්න ඕනෑ නම් මට කඩෙන් ගන්න ඉඩ තිබිය යුතුය. ඒකට නීති දාන්න කවුරුවත් සිටිය යුතු නැත.

      1. ආණ්ඩුවට මිනිසුන්ට මිලදීගත හැකි මිලකට ආහාර ද්‍රව්‍ය සැපයීමට ඇති නොහැකියාවට ඇති එකම විසඳුම මැරයන් යොදවා තමන්ටම වවාගන්න තර්ජනය කිරීමද?

      2. නැහැ නැහැ… මැරයන් යොදවා තර්ඩනය කිරීම හරි කියපු එක නෙවෙයි මම මෙතැන හරි කියන්න උත්සාහ කරන්නේ.. මම කියන්න උත්සාහ කරන්නේ තමන්ගේ එළවලු ටිකක් තමන් වවාගන්න උත්සාහ කළ යුතුයි කියන පණ්වුඩය හරි කියලා කියන්නයි…
        ආණ්ඩුවේ නොහැකියාව මම පිළිගන්නවා.. ආණ්ඩුව ගැන කියන්න බොහොමයක් බ්ලොග් අඩවි තියෙනවා.. මගේ උත්සාහය මිනිසුන් හතන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න… සුභදායීව “තමන් හිසට තම අතමයි සෙවනැල්ල” කියලා හිතවන්න..
        මම හිතන්නේ ඒක ගැන කව්රුවත් හිතන්න කැමති නෑ… ආණ්ඩුවෙන් ඔක්කෝම කරලා දෙනකල් ඉන්න තමයි හැම දෙනාම කැමති…
        තමන්ට මොලේ නැත්නම් තමන් එළවලු ටිකක් වවාගත යුතුයි කියන එක ගැන හිතන්න, අවම වශයෙන් මැරයෙක් හරි තර්ජනය කරාම මොලේ පෑදෙනව නම් ඒකත් ලොකු දෙයක් තමයි..

      3. ඊළඟ දවසේ ඒ මැරය ඇවිත් තර්ජනේ කළාම අනිත් එක රස්සාවක් වත් කරන්න එපා වව වවාම ඉන්න කියලා, ඒකත් කරන්න.

        කරුණාකර තේරුම් ගන්න, මෙතැන ගැටළුව වී ඇත්තේ අපි එළවළු අපිම වගා කිරීම හොඳද නරකද යන ගැටළුව නොවේ. එසේ නොකරන්නට තීරණය කර ඇති අයවලුන්ට තර්ජනය කිරීමට මැරවරයෙකුට බලය ලැබීම සම්බන්ධ ගැටළුවයි.

  5. මට හිතෙන විදියට ඇල්කෙමියා කියන්න හදන දේ හරි, තමන්ගෙ දේවල් තමන්ම පුළු පුළුවන් විදියට කරගැනීමෙ හොඳක් මිසක් වරදක් නෑ. රජයකට පාලනය කරන්න පුළුවන් හා බැරි සාධක මත වෙලඳපොල මිල තීරණය වෙනව. මගෙ මතකයෙ හැටියටනම් මොනම රජයකදි වත් භාණ්ඩ මිල වැඩිවීමක් මිසක් අඩුවීමක් වෙලා නෑ, ඡ්න්දයක් අහල පහල තිබුනොත් මිසක්, ඒකත් තාවකාලිකයි. ඉතිං එහෙව් එකේ ගෙවත්තක ඉඩක් කඩක් තියෙන මිනිහෙක් වවාගෙන කෑම බඩු මිල වැඩියි කියල මොර දෙනවට වඩා ප්‍රායෝගිකයි.

    හැබැයි ඇල්කෙමියා මේ පණිවිඩය ගෙනියන්න භාවිතා කරපු උපක්‍රමය, [මර්වින් සිල්වා ගාවගැනීම] නිසා කියන්න හදපු දේ යටපත් වෙලා, මර්වින්ගෙ මැරකම ඉස්මතුවුනා. ලාංකීය ජනතාව අතරෙ මර්වින් කියන්නෙ, මැරයෙක්, පාදඩයෙක්, කොමීඩියන් කෙනෙක් මිසක් වැදගතෙක් නෙමෙයි. එහෙව් බලු බෙට්ටක් සව්කොලේක ඔතල තලගුලියක් කරන්න අමාරුයි. වැරදි මීඩියම් එකක් භාවිතා කරල එන්කෝඩ් කරන මැසේජ් එකක් ඩිකෝඩ් වෙන්නෙත් වැරදියට. ඒකයි මෙච්චර ප්‍රතිවිරෝධී කමෙන්ට් වැහි වැහල තියෙනෙ. හැබැයි මෙතන මර්වින් සාදකය අමතක කරල කියෙව්වොත් මේ ගැටළුව නෑ.

    1. ස්තුතියි පැහැදිලි කිරීමට…

      මම මෙතන මට නොදැනීම යොදා ගත්තේ අර ප්‍රේමදාසගෙ කාලේ තිබුණ “මේ කවුද – මොනවද කරන්නේ“ පෝස්ටරය වගේ උපක්‍රමයක් වෙන්න ඇති…
      මර්වින් සිල්වා කියන්නේ හොඳින් හෝ නරකින් පුවත් මවන පුද්ගලයෙක්… ඔහුගේ නම ගාව ගැනීම නිසා මගේ පණිවුඩය යටපත් වුනත් ලිපියට හොඳ අවධානයක් ලැබුණා….
      බලමු අනිත් අය මේ ගැන දකින විදිය…

  6. Mervin thamge puthalata, achchi ammalata rate salli walin koti ganan waya karala car bar aran deddi ahinsaka minissunta kiyanawa, wawapan ganan wadinam kiyala, issella upades dena minissu me waya karana danaskandaya nawattanna ona, etakota oya katawath badu ganan wadi kiyala andanna ona na, oba e gana amataka karala, minissu ganan wadi kiyala ka gahanawa kiyanawa, oba kiyanne ganan wadinam api waga karagena kapan, habai, arunta kanna ape salli deepan, ratak hadenna uda sita pahalata, etakotai minissu ekata anugatha wenne, rataka palakayo neethi kadana kota podi minihata neethi rakapan kiwwata wadak na,

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )