ඇල්කෙමියාගේ රසායනාගාරයට ගොඩ වැදෙන ඔබගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි….

මෙතුවක් කල් ඇල්කෙමියාගේ රසායනාගාරයට ගොඩවැදිලා ලිපි කියවලා කමෙන්ටු දැමූ ඔබ සැමට ස්තුතියි. මේ බ්ලොගය ඇල්කෙමියාගේ රසායනාගාරය ලෙස මුලින්ම නම් කළේ ඇත්තෙන්ම සාමාන්‍ය පාඨකයාට රසායන විද්‍යාත්මක අංශයෙන් යම් දැනුමක් ලබා දෙන්න වුනත්, යම් යම් දේශපාලන කරුණු, වෙනත් සමාජයීය කරුණු නිසා ලිපිවල අන්තර්ගතය රසායන විද්‍යාවෙන් අපගමනය වුනා….

මේ නිසා මම ඔබගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි…

Original ඇල්කෙමියාගේ රසායනාගාරය

ඒ තමයි, ඔබ කියවන්න කැමති දැනගන්න අවශ්‍ය කරුණු කාරණා යමක් තියෙනවා නම් මෙහි සටහන් කරන්න…. මම පුළුවන් ප්‍රමාණයට ඒ පිළිබඳ ඔබව දැනුවත් කරන්නම්… එසේ කිරීමෙන් මා ඇල්කෙමියාගේ රසායනාගාරය පටන් ගැනීමේ අභිප්‍රාය ඉෂ්ඨ වෙනවා වගේම මේ බ්ලොගය පවත්වා ගෙන යාමට මට තව හේතුවකුත් ඇති වෙනවා..

ඔන්න අළුතෙන් ඇඳුමකුත් අන්දවලයි තියෙන්නේ……

ඉතින්, මොනවාද ඔබට දැනගන්න කැමති….. ?

16 thoughts on “ඇල්කෙමියාගේ රසායනාගාරයට ගොඩ වැදෙන ඔබගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි….

    1. අනේ බුදු අම්මෝ.. තාරකා විද්‍යාව ගැන මගේ දැනුම බොහොම අල්පයි…. මේ ගැන “මගේ අහස සිංහලෙන්“ ට කිවුවොත් කරගන්න පුළුවන් වෙයි…
      මට ඉඩ තියෙන හැටියට කොරන්න බලන්නං… හැබැයි ඇත්ත කියන්න පුළුවන් වෙයිද කියලා නං සැකයි….

  1. ඔන්න මගෙනුත් ප්‍රශ්නයක්.. මම ඉස්සර ටීවී එකේ දැකලා තියෙනවා… මට මතක විදියට NHK එකෙන් පෙන්නපු documantary එකක, රෝස මල් වගයක් මොකද්ද මන්දා chemical එකක දාලා … ආයෙමත් උඩට ගන්නවා. chemical එක තිබුනේ බීකරයක. ඊට පස්සේ අර රෝස මල් ටික පාට ​එහෙමම තියෙද්දී… ගල් වෙලා… ඒ කියන්නේ ඝනත්වය වැඩියි. පපඩම් වගේ කෑලි වලට කඩන්න ප්‍රළුවන්. මට පුළුවන්නම් ඒ රසානය දුව්‍ය මොකද්ද කියලා කියන්න.

      1. ඔව්…
        ද්‍රව නයිට්‍රජන් වල දැම්මාම ඕන මගුලක් එහෙම වෙනවා…
        මතකද වෑන් ඩෑම්ගෙ මූවි එකක් තිබුණා…
        ඒකෙ කළු තඩි පොරක් අන්තිමට වෑන් ඩෑම්ට ගහන්න එනවා.. මුගෙන් බේරෙන්නම බෑ.. අම්බානට කාලා ඉන්නකොට ඒ තඩි පොරට දෙනවා එකක් පොඩි කොරිඩෝවකට වැටෙන්න… ඌ නැගිටිනකොටම වෑන් ඩෑම් කඩනවා පයිප්පයක්… ඒකෙන් අර කළු තඩියා ගල් වෙනවා.. ඊට පස්සේ අපේ වීරයා හරවා පා පහරක් එල්ල කරනවා අර කළු තඩියා කෑලි වලට කැඩන්න… අන්න ඒත් ද්‍රව නයිටුජන්.
        අපි නම් ඒවා දවසගානේ පාවිච්චි කරනවා සමහර ද්‍රව නිස්සාරණය කරන්න…
        ලංකාවෙ නම් ඒවා නැහැ.. නමුත් හරිම ලේසියි කර්මාන්තයක් ලෙස හදාගන්න.. මොකද වායුගෝලයෙන් 78% ක්ම තියෙන්නේ නයිට්‍රජන් නේ..

      2. ගෙදර ද්‍රම නයිට්‍රජන් හදන්න බෑ මලයෝ… ඒකට සෑහෙන බර බර උපකරණ ඕන… ඒ වගේම පොඩ්ඩක් ගැස්සුනොත් ලොකු පිපිරුමක් වෙලා තමයි නවතින්නේ…. නිකං අතපය කඩා ගන්න ඕන නෑනේ… ඔන්න ඔහේ මාළු ටැංකියක් බලාගෙන ඉමු…
        තවම ලංකාව වත් ද්‍රව නයිට්‍රජන් නිෂ්පාදනය කරන්න තරම් රසායනිකව සහ තාක්‍ෂණිකව ඉස්සරහට ගිහින් නැහැ…

  2. ඇල්කෙමියෝ, තරු ගැන බැරිනම්, කිරිපිටි ගැන විස්තර ටිකක් ලියනවද?

    මොන මොන රටවල් වලද කිරිපිටි බොන්නේ,
    ලඟකදි ඉඳන් කියනව වගේ ඔය පිටි කිරි වල පෝෂනයක් නැද්ද?
    නිශ්පාදන ක්‍රියාවලිය
    යුරෝපයේ කිරිපිටි පරිභෝජනය

    වගේ දේවල් ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )