jump to navigation

නැවත වතාවක් කරන කතාවක්……… පරෙස්සම් වන්න…..ඊයම් විෂවීම භයානකයි….. 2011 අප්‍රේල් 10

Posted by Alchemiya in ඔබට හිතන්න යමක්.
trackback

ලංකාවේ තිබෙන ගෙදර දොර තීන්ත වර්ගවල තිබෙන ඊයම් ප්‍රමාණය නීතියෙන් නියමිත ප්‍රමාණවලට වඩා 1526 ගුණයක් වැඩියි ලු. ලංකාවේ ඇති නීති රීති හා ඒවා පිළිපැදීම් ගැන අපට තියෙන අත්දැකීම් එක්ක මේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. වඩාත්ම අවාසනාවන්ත කාරණය තමයි මේ ගැන කතා කරන්න ලංකාවේ කිසිකෙනෙක් ඉදිරිපත් නොවීම. විශ්ව විද්‍යාලවල රසායන විද්‍යා මහාචාර්ය වරුන් සිය ගණනක් හිටියත් ඔවුන් මෙවැනි ප්‍රතිපත්ති පිළිබඳ (policy issues) කතා නොකිරීම ලොකු ගැටළුවක්.

ඊයම් විශ වීම යනු භයානක තත්ත්‍වයක්… මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් මම 2011 මැයි 27 වෙනිදා ඇල්කෙමියාගේ රසායනාගාරයේ පළ කර තිබෙනවා… කැමති අය ගිහින් බලන්න….

මෙන්න මෙහෙම මම කිවුවේ 2010 මැයි 27 වෙනිදා

රෝගීන්ට සිදු වන අකටයුතුකම් ගැන, වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නොසැලකිළිමත් කම නිසා සිදු වන ජීවිත හානි ආදිය පිළිබඳ කතා කරන්න කවුරුවත් ඉදිරිපත් නොවුනත්, වෛද්‍ය වරයෙකුට නිය පිටින් පහරක් වැදුනත් වර්ජනය කරන්න නම් සූදානම්. ඒ වගේමයි, ලංකාවේ වසරකට 10,000 ක් පමණ රිය අනතුරු වලින් මිය යනවා, නමුත් ඩෙංගු නිසා මිය යන්නේ 500 ක් පමණ… අපි ඩෙංගු සහ ඒ පිළිබඳ කතා කරනවා (ඒක හොඳයි, නමුත්) අපි බීමත්ව රිය පැදවීමෙන් හෝ නොසැලකිළිමත්ව රිය පැදවීම නිසා අකාලයේ මිය යන මිනිසුන් ගැන කතා කරන්නේ නැහැ….

අපි මෙයට වඩා සැලකිළිමත් විය යුතුයි. දැනුමැති අය ප්‍රසිද්ධියේ මේ ගැන කතා කර ජනතාව දැනුවත් කළ යුතුයි… මේ ගැන පත්තරේකට ලිවුවත් පත්තර කන්තෝරුවල අය අපි අඳුනන්නේ නැති නිසා ඒවා පත්තර වල පළවන්නේ නෑ… මීට පෙර මා කාලගුණ විපර්යාස සහ මිනිස් සම්බන්ධතාවය පිළිබඳ දිවයින පත්තරේට ලිව්වත්, අවම වශයෙන් ඔවුන් එම ලිපිය ලැබුණා දැයි වත් මට දැන්වුවේ නැහැ… මේ නිසාම මම පත්තර වලට ලිවීම නතර කරලා බ්ලොග් ලිවීමට පටන් ගත්තේ අවම වශයෙන් දහ දෙනෙකුවත් කියවාවි යැයි කියන හැඟීමෙන්…

About these ads

ප්‍රතිචාර»

1. Buddhika - 2011 අප්‍රේල් 10

Please give the link.
2011 මැයි 27 is yet to come.
Thanks in advance.

Alchemiya - 2011 අප්‍රේල් 11

Sorry, it’s 2010 May 27, the link is just below that….
Read properly,..

Thanks

2. නුවන්ග - 2011 අප්‍රේල් 11
3. Kumara - 2011 අප්‍රේල් 11

You are right.If you do not know someone of any papers they wan’t publishit even from Albert Eintein.This is Sri Lanka.Your intentionis very successful as at least some people able to read this type of pulishes.One thing I can’t understand why these so called ewll educated people who run this blog have categorized you as a political writer.

Alchemiya - 2011 අප්‍රේල් 11

This is the first time I hear about me being a political writer,..
Yes, I hate politics, so I criticize all the politicians, government or opposition…

It’s interesting,.. really,… Anyway, thanks for the info,…

4. arunishapiro - 2011 අප්‍රේල් 11

නිවාඩුවකට ලංකාවට ගියාම ගමේ මිනිස්සු බැටරි මිදුලේ කුණු ගොඩට දාලා තියෙනවා දැකලා, පුංචි ළමයි බිත්ති ලෙවකන හැටි දැකලා, අද ඔස්ට්‍රියාවේ පදිංචි මගේ ලාංකික යෙහෙළියක්, කැළණියේ දී එකට ඉගෙන ගත්තු, සෑහෙන වෙහෙසක් යොදනවා ඕක කියන්න. වැඩ සටහන් ගොඩක් පාසැල් මට්ටමින් කරනවා. එයාට ජර්මන් පත්තර වලින් සහයෝගය ලැබුණට ලංකාවේ පත්තර වලින් කිසිම උදව්වක් නැහැ.

කුඩා සරල පත්‍රිකාවක්, විද්‍යා පසුබිමක් නැති අයෙකුට වටහා ගත හැකි විදියට සිංහලෙන් ලියලා දෙන්න ඇල්කෙමියාට පුළුවන් නම් මට පුළුවන් එය ඇයට යවන්න. මුද්‍රණය හා එය බෙදා හැරීමේ වියදම් ඇය සහ ඇයට හිතවත් ඔස්ට්‍රියන් ජනතාව දරාවි.

5. Alchemiya - 2011 අප්‍රේල් 11

ඔව් මට පුළුවනි.. අපි සුළුවෙන් පටන් ගනිමු…
මම ටික දවසකින් හදලා දෙන්නම්..
බොහොම ස්තූතියි…

6. දොස්තර මාමා - 2011 අප්‍රේල් 11

ඔය කතාව මමත් අනුමත කරනවා. මමත් මේ වැඩේට උදව් වෙන්න කැමතියි. කෙරෙන්න උවමනා දේ මට කියන්න. dostharamama@gmail.com

Alchemiya - 2011 අප්‍රේල් 11

මම මුලින් මේක හදලා ඔබලාට එවන්නම් හරි වැරදි බලන්න…. ටික කලක් යාවි වැඩේට.. මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි….

දොස්තර මාමා - 2011 අප්‍රේල් 11

හරි! පත්‍රිකාවට අවශ්‍ය කරුණු සොයාගන්න මට උදව් වෙන්න පුළුවන්.

Alchemiya - 2011 අප්‍රේල් 11

ඔබතුමා වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් කරුණු ටිකක් හොයලා දෙන්න පුළුවන් නම් හොඳයි…
මම රසායන විද්‍යා පැත්තෙන් කරුණු එකතු කරන්නම්.
අරමුණ විය යුත්තේ කුඩා දරුවන් කෙරෙහි රසායන ද්‍රව්‍යවල ඇති භයානක කම පෙන්වාදීමයි.. බැටරි – කෘෂිරසායන ද්‍රව්‍ය – ඉන්ධන- තීන්ත වර්ග – පාවිච්චි නොකළ බෙහෙත් වර්ග ආදී දේ.

7. දොස්තර මාමා - 2011 අප්‍රේල් 11

මම හැකි තරම් කරුණු සොයාගෙන ඔබට ඊ-මේල් කරන්නම්. ඊයම් විෂ වීමේ ආකාර දෙකක් තිබෙනවා. Acute and Chronic lead poisoning කියලා. මම මේ තත්ව දෙකට අදාල රෝග ලක්ෂණ සහ සොයා ගත හැකි උනොත් ලංකාවේ දැනට ඒ පිලිබඳ සංඛ්‍යාලේඛන ලබා දෙන්නම්. තව උවමනා කරුණු තිබේ නම් කියන්න.

8. නවම් - 2011 අප්‍රේල් 12

සුළුවෙන් හරි පටන්ගෙන කාලයත් එක්ක ලොකු වෙනසක් කරන්න පුළුවන් දෙයක් පටන්ගන්න වගේ සූදානම. සුභපැතුම් හැමෝටම [මගෙනුත් වැඩක් තියෙනෙවනම් කියන්නකෝ]

9. දොස්තර මාමා - 2011 අප්‍රේල් 13

සුහ පැතුම්!!! ලියන එක දිගටම කරන්න.. මගේ බ්ලොග් පඩංගුව ලියන්න පටන් ගත්තෙත් මේක දැකලා..

සුභ අලුත් අවුරුද්දක් වේවා!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 784 other followers

%d bloggers like this: