ඇල්කෙමියාගේ රසායනාගාරය හයිඩ්‍රජන් සංවත්සරය සමරයි… කියවූ සහ ප්‍රතිචාර දැක්වූ හැමෝටම ප්‍රණාමය…..

 

හයිඩ්‍රජන් සංවත්සරය

ගිය අවුරුද්දේ අප්‍රේල් 13 වෙනිදා ඇල්කෙමියටත් කරන්න දෙයක් නැතිකමට බ්ලොග් එකක් පටන් ගත්තා… නමක් හොයන්න අමාරු වුනේ නැත්තේ ඇල්කෙමියා ඉස්සර ඉඳලම “ඇල්කෙමියා“ කියන නම බොහෝ දේට භාවිතා කරමින් තිබුණ නිසා.. ඉතින් මුලින් මුලින් රසායන විද්‍යාව සම්බන්ධ දේ පමණක් ලියන්න හිතාගෙන හිටියත්, සමහර වෙලාවට අරමුණෙන් අපගමනය වුනේ පුංචි පුංචි දේශපාලන කතා ලියැවිච්චි නිසා.

වසරක් ගතවෙද්දි ඇල්කෙමියගේ රසායනාගාරයට ගොඩ වැදිච්ච ගණන 11000 ක්. ලිපි නම් ලියැවුනේ පනස් අටයි. ජුලි මාසේ ඉඳලා ඇත්තම රසායනාගාරයේ වැඩ පටන් ගත්ත නිසා ලිපි සංඛ්‍යාව පොඩ්ඩක් අඩු වුනා. ජනවාරි මාසයේ ඉඳන් ඇල්කෙමියාගේ දිනපොත පටන් ගත්ත නිසා නිතිපතා ඇල්කෙමියාගේ රසායනාගාරයට ලියන්නට බැරි වුනා. ඒ වුනත් ඉඳලා හිටලා කවුරු හරි මතක් කළාම ඔන්න ලිපියක් ලියන්න ගන්නවා.

මේ අතරේ තමයි ඇල්කෙමියා පාඨක ප්‍රතිචාර අහලා ලිපියක් ඉදිරිපත් කලේ. ඒ අනුව සමහර අයගේ ඉල්ලීම වුනේ නැනෝ තාක්‍ෂණය ගැන ලිපියක් පළ කරන්න කියලා… දන්න හැටියට ලියලා දාපු ඒ ලිපියට ලැබුන ප්‍රතිචාර අනුව නැනෝ යන්ත්‍ර ගැනත් ලියැවුනා.. මේ වගේ ලිපි තවදුරටත් ඉදිරියට ඉඩ ලැබෙන විදියට ලියැවේවි.. නිතරම බලන්නේ කාට හරි දැනුමක් එකතු කරගන්න පුළුවන් යමක් ලියන්නයි.

දිනපොතත්, රසායනාගාරයත් යන දෙකම ලියැවෙන නිසාත්, ඇල්කෙමියාගේ ඇත්තම රසායනාගාරයේ වැඩ අධික බව නිසාත් සතිපතා නම් ලිපි ලියැවෙන එකක් නැහැ. නමුත් ඇල්කෙමිච්චිවත් ශේප් එකේ තියාගෙන උදේට උදේට ඇහැ ඇරිලා සතියක් විතර ලියන ලිපියක් ඉඳහිට පළ කරන්නම්. මේ ලිපි ලියන නිසාම මගේ අමතර දැනුමත් ටිකක් වැඩි වුනා කිව්වොත් නිවැරදියි….

ඉතින් පාට පාට පාඨක ඔබ සැම මේ ඇල්කෙමියාගෙ රසායනාගාරයට ගොඩ වැදිලා යම් දැනුමක් ලබා ගන්නවා නම් ඒක ඇල්කෙමියට සතුටක්. ඇල්කෙමියා මේ රසායනාගාරයේ ලිපි පළ කරන්නේ පොරක් වෙන්න හිතාගෙන නෙවෙයි. ඇල්කෙමියට කවදාවත් පොරක් වෙන්න ඕනෙත් නෑ… හැබැයි කවුරු හරි ඇල්කෙමියා පොරක් කියලා කියනවා නම් ඒ ගැන තර්ක කරන්න යන්නෙත් නෑ…. අනිත් හැමෝටම වගේ ඇල්කෙමියටත් තියෙනවා දේශපාලන දර්ශනයක්. ඒක ආණ්ඩුවට පක්‍ෂද විපක්‍ෂද කියලා නෑ.. ඇල්කෙමියාට හරියි කියලා හිතෙන දේට හරියි කියනවා. එල්ටීටී එක වුනත් හරි දෙයක් කරනවා නම් ඒක හරි කියලා කියන්න ඇල්කෙමියා පසුබට වෙන්නෙත් නෑ… ආණ්ඩුව කරන හරි දේ අගය කරන්න වගේම වැරදි දේ විවේචනය කරන්නත් ඇල්කෙමියාට කොන්දක් තියෙනවා. සමහරු ඇල්කෙමියාගේ රසායනාගාරය දේශපාලන බ්ලොගයක් කියලා වරදවා වටහාගෙන තිබෙනවා ලු. ඒත් ලංකාවේ සිදුවන දේ ගැන විවේචනය කිරීමේදී සමහරුන්ට මේ බ්ලොගය දේශපාලනිකව පෙනෙනවා ඇති. නමුත් මේ සටහන්වල අරමුණ වන්නේ දැනුම බෙදාහැරීම පමණමයි…

 

ඇල්කෙමියාගේ දැනුම center එක

ඉතින් සුපුරුදු පරිදි පුළු පුළුවන් වෙලාවට ඇල්කෙමියා මේ රසායනාගාරයට ගොඩ වැදිලා අළුත් යමක් ඔබට දේවි… ඇල්කෙමියා මේ රසායනාගාරය කරන්නේ හිට් ගණන බලාගෙනත් නෙවෙයි…. හැබැයි කවදාවත් මේක ඇල්කෙමිච්චි නං හැක් කරන්නේ නෑ කියන එකත් ඔය සමහර ඇත්තන්ට මතක් කරලා දෙන්න ඕන…..

එහෙනම් ඔබ සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා… වැඩි වැඩියෙන් කියවන්න ලියන්න ලැබේවා…. !

14 thoughts on “ඇල්කෙමියාගේ රසායනාගාරය හයිඩ්‍රජන් සංවත්සරය සමරයි… කියවූ සහ ප්‍රතිචාර දැක්වූ හැමෝටම ප්‍රණාමය…..

  1. සුභ පැතුම්!

    බ්ලොග් අවකාශයේ වෙනස්ම බ්ලොගයක්… නිතර කමෙන්ට් නොදැම්මත් ගොඩක් විට බලන බ්ලොග් එකක් මේක. එක එක එව්වා ගණන් ගන්න ඕන නෑ…. ඔය කියවන අය කරන දේකුත් නෑනේ…. ලියන්නයි තියෙන්නේ…

    ප.ලි. යකෝ සයිට් එකකට එක ගානෙ කොම්පියුටර් තියෙනවද?

    1. බොහොම ස්තූතියි…
      ඔවු නේ… සයිට් දෙකට කම්පියුටර් දෙකයි… වැඩේ තියෙන්නේ මේ දෙකෙන් උපරිම වැඩ… නිතරම දෙකම මොනවා හරි වැඩ… වීඩියෝ එකක් හරි එඩිට් වෙනවා… නිකං ඉන්න දෙන්නෙම නෑ… දැන් මේ දෙකේ වේගෙ මදි වෙලා ඉන්නේ…

    1. එසේම වේවා…
      මටත් සතුටුයි ඔබේ බ්ලොගය ගැනත්..
      අර රසායන ද්‍රව්‍ය විෂ වීම ගැන වැඩේ ටිකක් බලමු නේද ?
      අපි පොදුවේ රසායන ද්‍රව්‍ය ගැන කතා කළොත් ටිකක් හොඳයි ඊයම් විෂ වීමට වඩා….
      කෘෂි රසායන ද්‍රව්‍ය, ඉවත ලන දේ, තීන්ත ආදිය වෙන වෙනමත් ලියමු…
      විස්තර හොයාගෙන පටන් ගමු.. මම අඩෝබි වලින් වැඩේ කරන්නම්…
      පුළුවන් වෙලාවක විස්තර ටික එවන්නකෝ…

      1. විස්තර හොයන්න පටන් ගන්න කලින් ඔයත් එක්ක ටිකක් කතා කරන්න කමතියි හරියටම කරන්න යන දේ ගැන පැහැදිලි කර ගන්න. එතකොට වැඩේ ලේසි වේවි. GTALK වලින් කතා කරමු. වෙලාවක් කියලා එවන්නකො (මම ඉන්නේ San Francisco වල. dostharamama@gmail.com

    1. දැන් මේකත් මදි වෙලා තියෙන්නේ.. අල්කෙමිච්චි සල්ලි පාස් කරන්නෙ නෑ අප්ග්‍රේඩ් කරන්න…

      ස්තුතියි…

      අරුණිටත්, සුදු අප්පුහාමිටත්, ටිකිරිටත් ගෙදර ඉන්න අනෙත් අයටත් සුබ අළුත් අවුරුද්දක් වේවා..

  2. සුභ පැතුම් ඇල්කෙමියෝ. අපි ඉතිච් අමුත්තොයැ හැමදාම ගොඩවදින තැනක් නෙ මේක.

    ඒ වගේම ලැබුවාවූ අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ඇල්කෙමි පවුලටම

  3. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

ප්‍රතිචාරයක් ලබාදෙන්න