සාගර ජලය මදි හැඬුවා චම්පික රණවක හන්දා…. උදම් බලයෙන් බලශක්තිය නිපදවීම ලංකාවට උචිතද ?

අපේ විදුලිබල ඇමති තුමා අනෙක් ඇමැත්තන්ට වඩා වෙනස් මිනිහෙකි. ඉංජිනේරු උපාධිධරයෙක් වන ඔහු තවමත් අනෙක් ඇමැත්තන්ට සාපේක්‍ෂව මොළයක් ඇති මිනිසෙක් සේ පෙනේ… හරිත බලශක්තිය වැනි දීර්ඝකාලීන වාසි සහිත බලශක්ති ජනන ක්‍රම පිළිබඳ ඔහුගේ අවධානය යොමු වීම පැසසිය යුතු කටයුත්තකි. ඔහුගේ දේශපාලන දර්ශනය කුමක් වුවත්, ඔහුගේ බලශක්තිය පිළිබඳ දර්ශනය පිළිබඳ ප්‍රතිපත්තිය මා අගය කරන්නේ එබැවිනි. නමුත් ඔහුගේ න්‍යෂ්ඨික බලශක්ති යෝජනාවට නම් මා එකහෙලා විරුද්ධය. ඔහුගේ නවතම අදහස අනුව බල ශක්ති ජනනය සඳහා උදම් බලය හෙවත් සාගරයේ තරංගවල ඇති බලය යොදා ගැනීමට අදහස් කරයි. මෙහි දෙපැත්තක් ඇත. ඒ පිළිබඳ හඳුන්වා දීම මේ ලිපියේ අරමුණයි.

බලශක්ති ජනනය සඳහා බොහෝ ක්‍රම ඇති බව අපි බොහෝ දෙනා දන්නා කරුණක්

  • ඛණිජ තෙල්
  • ගල් අඟුරු
  • න්‍යෂ්ඨික බලය
  • ජීව වායුව
  • ජල විදුලිය
  • සූර්ය බලශක්තිය
  • සුලං බලය
  • භූ තාපය
  • උදම් බලය

මෙයින් සුලං බලය, සූර්ය බලශක්තිය, කෘෂිකාර්මික නිෂ්පාදනවලින් ජනනය කරන ජීව වායුව, ජල විදුලිය, භූ තාපය, සහ උදම් බලය යන ක්‍රම පුනර්ජනනීය බලශක්ති (renewable energy) යටතට ගැනෙනවා. මේ නිසාම මේ පිළිබඳ අවධානය වැඩි වැඩියෙන් දැන් දැන් යොමු වන්නේ මේ බලශක්ති ජනන ක්‍රම මගින් වායුගෝලයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වන නිසායි. මේ අපද්‍රව්‍ය යනු කාබන් ඩයොක්සයිඩ් වැනි වායු පමණක්ම නොවෙයි. වාතයට තාපය සහ ජලවාෂ්ප එකතු වීමත් එක්තරා ආකාරයට අපද්‍රව්‍ය එකතු වීමක්.

උදම් බලය මගින් ශක්තිය නිපදවා ගන්නේ මුහුදු රළ මගින් ඇති කරන චාලක ශක්තිය ටර්බයින හරහා විදුලිබලය බවට හැරවීමෙන්. ලොව පළමු උදම් බලශක්ති බලාගාරය බලශක්ති ජනනය ඇරඹුවේ 1966 දීයි. එසේ වුවත් බොහෝ දෙනාගේ අවධානය වෙනත් ක්‍රම වලට යොමු වීම නිසා මෙහි ඇති වැදගත්කම අවධාරණය වුනේ නැහැ. නමුත් ඇත්තෙන්ම සුලං බලය හෝ සූර්ය ශක්තියට වඩා පැහැදිලි විශ්වාසවන්ත බවක් නොහොත් නියත ඒකාකාරී බවක් මේ උදම් බලයේ ඇති නිසා දැන් දැන් ඒ පිළිබඳ අවධානය යොමු වෙමින් පවතිනවා. මෙහි ඇති අවාසි වන්නේ අධික ප්‍රාග්ධන පිරිවැය (Capital Cost) සහ උදම් බලය නිපදීමට අවශ්‍ය ප්‍රශස්ත වඩදිය-බාදිය ඇති ප්‍රදේශ අඩු වීම සහ එහි ඇති ප්‍රවේගයේ ඇති  අනියත/අසංස්ථිතික (inconsistency) බවයි.

සඳුගේ ගුරුත්‍වාකර්ෂණ බලය අනුව ඇති වන වඩදිය-බාදිය වලින් සිදු වන මුහුදු මට්ටමේ වෙනස් වීම උපයෝගී කරගෙන උදම් බලශක්තිය නිපදවාගත හැක. ප්‍රාග්ධන පිරිවැය සාමාන්‍ය සූර්ය බලශක්ති ජනනයට වැයවන මුදල මෙන් හයගුණයක් පමණ වීම නිසා බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නේ නැහැ. එනමුත් වඩදිය-බාදිය ගැලීම සුලං හැමීමට වඩා නියත ලෙස සිදු වීමත්, සූර්ය ශක්තිය මෙන් නොව – රාත්‍රී කාලයේ පවා මෙමගින් බලශක්තිය ජනනය කිරීමට හැකි වීමත් යන කරුණු නිසා මෙහි වාසි නැතුවාමද නොවෙයි.

උදම් බලශක්ති ජනනය ක්‍රම තුනකට කළ හැක.

උදම් ප්‍රවාහ ජෙනරේටරය (Tidal Stream Generator) – උදම් රළෙහි චාලක ශක්තිය ජෙනරේටරයක් කරකැවීමට යොදාගැනීම මගින් ශක්තිය ජනනය කරවයි.

උදම් බාධක (Tidal Barrage) – වඩදිය සහ බාදිය වල ඇති රළෙහි විභව ශක්තිය (රළෙහි උසේ වෙනස)උපයෝගී කරගනී. වඩදියේදී වැඩි වන ජල මට්ටම නිසා ගංගාවක් තුළට පැමිණෙන ජලය වේලි සහ ගේට්ටු මගින් එකතු කරගෙන බාදිය අවස්ථාවේදී ටර්බයින හරහා පිට කිරීමෙන් බලශක්තිය ජනනය කරගනී.

ගතික උදම් බලය (Dynamic Tidal Power) – මෙය මහාපරිමාණ ව්‍යාපෘතියකි. සාමාන්‍යයෙන් මුහුදේ වෙරළට සමාන්තරව කිලෝ මීටර 30 -50 දිග විවෘත වේලි බැඳ, එමගින් ඇතිවන රළ උපයෝගී කරගෙන අඛණ්ඩව බලශක්තිය නිපදවීම මෙමගින් කෙරේ. විශාල මුහුදු තීරයක් හෝ සංචාරක ව්‍යාපාරය සිදු නොවන රටවලට මෙය යෝග්‍ය නමුත් අප රටට මෙය උචිත නොවේ.

දැනට සැලකිය යුතු ප්‍රමාණයක් මහාපරිමාණ උදම් බලාගාර ක්‍රියාකාරී තත්ත්‍වයේ පවතී

  • ප්‍රංශයේ රෑන්ස් උදම් බලාගාරය – 240 MW
  • උතුරු ඇමරිකාවේ -Bay of Fundy – ඇනාපොලිස් රාජකීය බලාගාරය – 20 MW
  • චීනයේ ජිංගක්‍ෂියා බලාගාරය – 3.2 MW
  • දකුණු කොරියාවේ Jindo Uldomok බලාගාරය – 1MW – 2013 වනවිට 90MW තෙක් පුළුල් කිරීමට අදහස් කර ඇත.
  • උතුරු අයර්ලන්තයේ SeaGen බලාගාරය 1.2 MW
  • දකුණු කොරියාවේ Sihwa Lake උදම් බලාගාරය 254 MW
  • දකුණු කොරියාවේ Ganghwa Island හි තනන 812 MW උදම් බාධක වැටිය 2015 දී විවෘත කිරීමට නියමිතයි.
  • දකුණු කොරියාවේම තැනීමට නියමිත 1320 MW බාධක වැටිය 2017 දී ගොඩ නැගීම ඇරඹීමට කටයුතු කරගෙන යයි.
  • ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වසර 2012 දී 50 MW උදම් බලාගාරයක් තැනීම ආරම්භ කිරීමට නියමිතයි. මෙය දකුණු ආසියාවේ ප්‍රථම උදම් බලාගාරය වේ.

මේ අනුව බලන කල උදම් බලයට ඇති ඉල්ලුම කෙමෙන් කෙමෙන් වැඩි වන බවක් පෙනෙනවා. නමුත් එහි ඇති ප්‍රධාන බාධකය විදුලි ඒකකයකට ගෙවිය යුතු ප්‍රාග්ධන වියදමයි. ස්ථාපනය කළ පසු විදුලි ජනනයට මුදලක් වැය නොවීම වාසි සහගත වුවත්, දීර්ඝ කාලීනව මෙය සූර්ය ශක්තිය සහ  සුලං බලයට වඩා වාසි සහගතද නැද්ද යන්න තීරණය ඔබටම භාර කරනවා.

කෙසේ වෙතත් මෙසේ පාරිසරික හානි අඩු, පුනර්ජනනීය බලශක්ති කෙරෙහි අවධානය යොමු වීම නම් පැසසිය යුත්තක්..

6 thoughts on “සාගර ජලය මදි හැඬුවා චම්පික රණවක හන්දා…. උදම් බලයෙන් බලශක්තිය නිපදවීම ලංකාවට උචිතද ?

  1. ඔහොම ඵකක ලෝකෙ තියන ඵකත් හරි.ල0කවට ගෑලපෙන ඵකත හරි.

    ඵත් ඔය කතා හීනමාන හෙලකරුමෙ ගො0 පාර්ට්.
    ඔක කරත් කීයක් කොමිස් ගහයිද?
    ඵහෙම ගහලා හෑදුවත් අපේක්ශිත මට්ටමට වෑඩේ වෙයිද?
    ඵක උනත් හදපුවා පහුවෙනිද ඉදන්ම ආයි කෑඩෙන්නෑතුව තියෙයිද?
    ලයිට්බිල කීපාරක් වෑඩිකරයිද?
    දවසට කීපාරක් ලයිට් කපයිද?

    කෙරවලපිටියෙ මෙයා දපු ගො0පර්ට් ඵක අපි දන්නවානෙ.
    මෙයාලා ඊලග චන්දෙ බලගෙන පබ්ලිසිටියට වෑඩකරනවා.මිනිස්සු කට්ටකන්වා.

    උගත් කට්ටයො නූගත් කට්ටයන්ට වඩා ගොඩක් බයානකයි යාලු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )