TEDx Colombo – Blueprint for Change ඇත්තටම වෙනසක් ඇති කළ තැනක්…

ආයෙමත් ලියන්න ගත්ත එක  හේතුවක් තමයි දැන් තරමක විවේකයක් සහ ලියන්නට වෙලාවක් හොයා ගන්න ලැබීම…. වැඩ රාජකාරිවල අඩුවක් නැතත්, කොහොම හරි වෙලාවක් ලියන්නටත් හොයා ගන්නවා කියන අධිෂ්ඨානය ඇති කරගත්ත නිසාම ආයෙම ලියන්න පටන් ගත්තා…

ඒකට හොඳ නිමිත්තකුත් පහල වුනා… TEDx Colombo  ගැන මම පසුගිය වතාවෙත් ලියුවා… අද මමත් ඒ අවස්ථාවට සහභාගී වුනා…

මම ඉදිරිපත් කළේ නැති වුනත්, මා සමඟ නව නිපැයුම් කරන ආයතනයක් වන  3D Concept Studio හි අයිතිකරු සහ නිපැයුම්කරු වන  නිස්සංග වර්ණපුර විසින් 3D Printing Technology අපේ ලංකාවේ නව නිපැයුම්වල ඇතිකළ නව නැම්ම පිළිබඳ කතාවක් කළා.. එහිදී මගේ නව නිර්මාණ ගැනත්  චුට්ටක් වෙන්න කතා කළ නිසා මටත් ආරාධනාවක් ලැබුණා…. නිස්සංග කියන්නෙ පර්යේෂණ සහ සංවර්ධන අංශයේ නව මාවතක් විවර කළ තරුණයෙක්, ඔහු හා වැඩ කිරීමත් බොහොම ආශ්වාදජනක කටයුත්තක්… නව අදහස් බොහොම විවෘතව සළකන කිසිම නව අදහසකට බෑ නොකියන කෙනෙක්….

14100380_10154079315257600_1593472996718258662_n

නිස්සංගගෙ කතාව විතරක්ම නොවෙයි…. එතැන සිදු කළ කතා 8 ම ජීවිතයට බොහෝ දේවල් එක් කළ දේශන…. සමහර දේ ගැන මමත් ඇත්තෙන්ම අළුත් කෝණයකින් බලන්න පෙළඹවූ දේශන කිහිපයක්…  මේ සියල්ල සති දෙකකින් අන්තර්ජාලයට එක් වේවි… මෙතැන කියනවට වඩා ඒක බලලාම හිතට ගන්න…

ඇත්තෙන්ම අපට තනි තනිව ලෝකය වෙනස් කරන්න පුළුවනි. පොඩ්ඩක් තමන් ගැන හිතන එක නවත්වලා ලෝකය ගැන හිතනවා නම් වෙනස් වෙන්න  පුළුවන්.

වෙනස් වෙමු… ලෝකය වෙනස් කරමු… හැමදාම එකම විදියට එකම දේ කරන එක නවත්වමු…

අයින්ස්ටයින් කියලා තියෙනවා මෙන්න මෙහෙම

උන්මාදය යනු, එකම දේ එකම විදියට හැමවිටම සිදු කර වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වීම වේ…

ඉතිං අපි උන්මාදයෙන් ගැලවෙමු…. අළුතෙන් යමක් කරමු…..

TEDx Colombo වලට තව දින දෙකයි….

බොහෝ දෙනෙක් දන්නවත් ඇති.. තව බොහෝ දෙනා නොදන්නවත් ඇති…. දැනගන්න වෙලාවක් නැතුවත් ඇති… දැනගන්න උවමනාවක් නැතුවත් ඇති

TEDx Colombo පැවැත්වෙනවා අගෝස්තු 21 සවස 4.00 සිට නෙළුම් පොකුණ රඟහලේදී

ඇයි TEDx  අපට වැදගත් වෙන්නෙ ?

TEDx කියන්නෙ ලෝක ප්‍රකට TED TALKS වලින් පැන නැඟුන රටක් තුළ හෝ නගරයක් තුළ ඉතා සීමාසහිත පිරිසකට සීමා වූ වැඩසටහනක්… එහෙම වුනත් එහි අගයෙ අඩුවක් නෑ.

මෙවර වැඩසටහනේ තේමාව Blueprint for Change,…. නව නිපැයුම් සහ නව සංකල්ප ලංකාවට හඳුන්වා දුන් පුද්ගලයින් හෝ සංවිධාන මගින් ඉදිරිපත් කරන සංකල්ප සඳහායි වෙන්වෙලා තියෙන්නෙ.

මේ වැඩසටහනේ මම ඉදිරිපත් කිරීමක් කළේ නැති වුනත්,  ත්‍රිමාණ මුද්‍රණය 3D Printing කියන සංකල්පය ලංකාව ඇතුලත හිමිකරගෙන තිබෙන ස්ථානය ගැන මා සම්බන්ධවෙලා නව නිපැයුම් කරන ආයතනයක බොහොම නිර්මාණශීලී තරුණයෙක් වන නිස්සංග වර්ණපුර විසින් ඉදිරිපත් කිරීමක් කරනවා…

ඉතින්…. සජීවීව බලන්නට යන්න බැරි වුනත්, වීඩියෝව හරි බලන්න…

එදාට ආවොත්…. නෙළුම් පොකුණෙදි හමුවෙමු….

කාලෙකට පස්සෙයි ලියන්න හිත් දුන්නෙ…  දිගටම ලියන්නයි හිතාගෙන ඉන්නෙ….