TEDx Colombo – Blueprint for Change ඇත්තටම වෙනසක් ඇති කළ තැනක්…

ආයෙමත් ලියන්න ගත්ත එක  හේතුවක් තමයි දැන් තරමක විවේකයක් සහ ලියන්නට වෙලාවක් හොයා ගන්න ලැබීම…. වැඩ රාජකාරිවල අඩුවක් නැතත්, කොහොම හරි වෙලාවක් ලියන්නටත් හොයා ගන්නවා කියන අධිෂ්ඨානය ඇති කරගත්ත නිසාම ආයෙම ලියන්න පටන් ගත්තා…

ඒකට හොඳ නිමිත්තකුත් පහල වුනා… TEDx Colombo  ගැන මම පසුගිය වතාවෙත් ලියුවා… අද මමත් ඒ අවස්ථාවට සහභාගී වුනා…

මම ඉදිරිපත් කළේ නැති වුනත්, මා සමඟ නව නිපැයුම් කරන ආයතනයක් වන  3D Concept Studio හි අයිතිකරු සහ නිපැයුම්කරු වන  නිස්සංග වර්ණපුර විසින් 3D Printing Technology අපේ ලංකාවේ නව නිපැයුම්වල ඇතිකළ නව නැම්ම පිළිබඳ කතාවක් කළා.. එහිදී මගේ නව නිර්මාණ ගැනත්  චුට්ටක් වෙන්න කතා කළ නිසා මටත් ආරාධනාවක් ලැබුණා…. නිස්සංග කියන්නෙ පර්යේෂණ සහ සංවර්ධන අංශයේ නව මාවතක් විවර කළ තරුණයෙක්, ඔහු හා වැඩ කිරීමත් බොහොම ආශ්වාදජනක කටයුත්තක්… නව අදහස් බොහොම විවෘතව සළකන කිසිම නව අදහසකට බෑ නොකියන කෙනෙක්….

14100380_10154079315257600_1593472996718258662_n

නිස්සංගගෙ කතාව විතරක්ම නොවෙයි…. එතැන සිදු කළ කතා 8 ම ජීවිතයට බොහෝ දේවල් එක් කළ දේශන…. සමහර දේ ගැන මමත් ඇත්තෙන්ම අළුත් කෝණයකින් බලන්න පෙළඹවූ දේශන කිහිපයක්…  මේ සියල්ල සති දෙකකින් අන්තර්ජාලයට එක් වේවි… මෙතැන කියනවට වඩා ඒක බලලාම හිතට ගන්න…

ඇත්තෙන්ම අපට තනි තනිව ලෝකය වෙනස් කරන්න පුළුවනි. පොඩ්ඩක් තමන් ගැන හිතන එක නවත්වලා ලෝකය ගැන හිතනවා නම් වෙනස් වෙන්න  පුළුවන්.

වෙනස් වෙමු… ලෝකය වෙනස් කරමු… හැමදාම එකම විදියට එකම දේ කරන එක නවත්වමු…

අයින්ස්ටයින් කියලා තියෙනවා මෙන්න මෙහෙම

උන්මාදය යනු, එකම දේ එකම විදියට හැමවිටම සිදු කර වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වීම වේ…

ඉතිං අපි උන්මාදයෙන් ගැලවෙමු…. අළුතෙන් යමක් කරමු…..

1 thoughts on “TEDx Colombo – Blueprint for Change ඇත්තටම වෙනසක් ඇති කළ තැනක්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න