සීමාවන් නැති වැට කොටු බැමි නැති ලෝකයක් ?

සීමාවන් මහ පුදුමාකාරයි. ඉපදීමටත් පෙර සිටමයි අපි සීමාවන්ට යටත්ව ඉන්නෙ… මාස නවයක්ම අප සීමා වී ඉන්නේ මවගේ ගර්භාෂය වපසරියට…. ඒක ඇතුලෙ දෙකට තුනට නැවිලා ඉඳලා බොහොම අමාරුවෙන් රිංගලා තෙරපිලා එලියට එන අපි, ජාතිය – ආගම – කුළය – දෙමාපියන්ගෙ නිලබලය – ආච්චිලා සීයලාගෙ විවිධාකාර මති මතාන්තරවලට කොටු වෙලා ජීවත් වෙන්න පටන් ගන්නවා… නම තියන්නත් උපදින වෙලාවට අනුව අකුරු හොයනවා… කොණ්ඩය කපන්න, බත් කන්න, අකුරු කියවන්න, ඉස්කෝලෙ යන්න, විබාගෙට යන්න, විවාහ වෙන්න…. මෙකී නොකී හැම දේටම සීමා බාධක යොදාගෙන ජීවත් වෙනවා… සමහර දරුවොන්ගෙ කොණ්ඩෙ කපන්නෙ නෑ බහ තෝරන වයසෙදි ගොළු වෙනවා කියලා… උන්ට හිස නිදහස් නෑ…

සමාජයට ගියාම අපි සමාජයීය සීමා මායිම් වලට යටත් වෙනවා… සංස්කෘතිකමය සීමා බැඳීම් වලට යටත් වීම සාධාරණයි… නිදහස හොයා ගෙන යනවා කියලා ප්‍රසිද්ධියේ නිරුවත් වෙන්න වත්, අන් අය අපහසුතාවයට ලක් වන විදියේ හැසිරීම් වලටවත් නොයා යුතුයි කියන මතයේ මම සිටිනවා.. නමුත් බොහෝ දෙනා හිතන්නෙ ඒ නිදහස කියන්නෙ අර වල්බූරු නිදහස කියලා. නීතිමය රාමු පද්ධතිය ඇතුලත වූ සියළුම සීමාවන්ට අපි යටත් විය යුතු වන්නේ ගෞරවාන්විත පුරවැසියන් විදියට සමාජයීය සහ සංස්කෘතිකමය සීමාවන්ට අපි සියළුම දෙනා එකඟව සිටිය යුතු නිසා.

අනිවාර්යයෙන්ම බැඳීමට හෝ යටත් වීමට සිදු වන සමාජමය සහ සංස්කෘතිකමය සීමා මායිම්, බැඳීම් වෙන් කළ විට අපි අපිම කොයි තරම් මානසිකව සීමා කරගෙන සිටිනවාද කියා ඔබ මොහොතකටවත් සිතුවාද ? අපි අපිටම කොයි තරම් සීමා පණවාගෙන ද ඉන්නෙ ? යමක් කරන්න පුළුවන් කියන සිතුවිල්ල එන්න පෙර අපේ සිතට නැගෙන්නෙ කොයිතරම් බාධක තියෙනවද කියන එක නේද ?

“ඇයි මට මේ දේ කරන්න බැරි ?” යන සිතිවිල්ල ඔබට කී වතාවක් සිතට ඇවිත් තිබෙනවාද ? ඒ කී වතාවක ඔබ ජය අරගෙන තියෙනවද ? මේ සියල්ලම තියෙන්නෙ තමන් තමන්ටම පණවා ගන්නා සීමා තුළ සිට ක්‍රියාත්මක වන නිසා….

Image result for rocket take off

අපි බොහෝ දෙනෙක් උපකල්පන රාශියක් මත ඉඳගෙන, අපිටම සීමා බොහොමයක් පනවාගෙන ඉන්නවා… යමක් කරන්න අවශ්‍යතාවය තිබුණත්… ඒ නිසාම අපි බොහොමයක් අවස්ථා අතහැර ගන්නවා… මටත් එහෙම අහිමි වූ දෑ බොහොමයි… ලෝකයේ බොහොමයක් සාර්ථක වූ මිනිස්සු මෙන්න මේ ස්වයංව පණවාගෙන තිබූ සීමාවන් බිඳ දමාගෙන ඉදිරියට ගියපු එවුන්…

අපට මේක කරන්න බෑ.. කවුරුවත් මේක කරලා නෑ.. ඒ නිසා අපටත් බෑ…. කියන දේ තමයි සිතට එන පළමු සිතිවිල්ල… අපි ඒ දේ කරන්න එක වතාවක් හෝ උත්සාහ කරලා නැතිවම, අපි එය උපකල්පන රාශියක් මත ඉඳගෙන පටන් නොගෙනම අවසන් කරනවා… පළමු උත්සාහය බොහෝ දුරට අසාර්ථ වෙන්න පුළුවනි, නමුත් එයින් අපට ඉගෙන ගන්න තියෙන පාඩම් බොහොමයි… දෙවන වතාවේ එම දුර්වලතා මඟ හරවාගෙන නැවත උත්සාහ කරන්න පුළුවනි… නමුත් අපි කීයෙන් කී දෙනාද නැවත නැවතත් යම් දෙයක් කරන්න උත්සාහ කරන්නෙ ? අපි නිතරම උත්සාහ කිරීම අත හැර දමන්න සූදානම්… මොකද කියනව නම් ලේසිම දේ ඒ නිසා… Try and Try again, one day you can fly කියලා සුද්දා කිවුවෙ මෙන්න මේ නිසා…

Image result for millionaire quotes

මේක අපි අපිටම නොදැනුවත්වම පනවා ගන්නා සීමාවක්… මමත් කාළයක් මේ උපකල්පනයෙ හිටං … අහිමි කරගත් දේ බොහොමයි. සමාජයීය ජීවිතයෙ වගේම වෘත්තිමය ජීවිතයෙදි….  ජයගන්න හෝ පරාජය වෙන්න අපි උත්සාහ කරලා බලන්න ඕන… ජීවත්ව ඉන්නකල් පරාද කරන්න බෑ කියපු හිටපු ජනාධිපතිතුමාව වර්තමාන ජනාධිපති තුමා  විසින් පරාජය කළේ මෙන්න මේ සංකල්පය මත පිහිටු කටයුතු කිරීම නිසා වෙන්න ඇති.

Image result for break your limits motivational

අපි අපිටම පණවා ගත් සීමා සියල්ලම බිඳ දමන්න අවශ්‍යයි… නැතිනම් අපි හැමදාම එකම තැන හිරවෙලා, හැමදාම එකම දේ එකම විදියට….

කොහොමද අපි සීමා බිඳ දමන්නෙ ? අළුත් විදියට හිතන්නෙ ?

E + R = O

Event + Response = Outcome

සිද්ධිය + ප්‍රතිචාරය = ප්‍රතිඵලය

අපි වටා ගොඩනැගෙන සියළුම දේ සිදු වෙන්නෙ මෙන්න මේ හේතු නිසා.. අපි ඉදිරියට යන්න හෝ පිටුපසට යන්න.. නැතිනම් ජීවත් වෙන්න හෝ මිය යන්න පවා මේ හේතු බලපානවා…

ඔබ ඕනෑම අවස්ථාවක් හෝ සිද්ධියක් ගන්න… උදාහරණයක් ලෙස ඔබේ උසස් පෙළ සමත් වීම/අසමත් වීම – ඔබ ඒ සඳහා නිසි ලෙස උනන්දු වුනා නම්, ජයග්‍රහණය උදෙසාම කැප වූවා නම්, ඒකායන පරමාර්ථයෙන්ම පාඩම් කළා නම්, බොහෝ දුරට ප්‍රතිඵලය වන්නේ සමත් වීමක්… ඔබ රාජකාරියේදී කිසියම් අවශ්‍යතාවයකට දක්වන ප්‍රතිචාරය අනුව, ඔබ සාර්ථක වීම හෝ අසාර්ථක වීම රඳා පවතින්න පුළුවනි.

ඔබ මගතොටදී දකින/මුහුණපාන සිදුවීමකට දක්වන ප්‍රතිචාරය අනුව ඔබේ දවස තීරණය වන්නට පුළුවන්…. මේ උදාහරණ කීපයක් පමණයි… ඔබටම පුළුවනි මේ සූත්‍රය යොදාගෙන ඔබ මුහුණපාන සිද්ධි, ඔබ මුහුණ පෑ සිද්ධි විශ්ලේෂණය කරන්න…

Image result for break your limits motivational

සමහරවිට ගේ දොර සිදු වන සිදුවීමක් වුනත් උදාහරණයකට ගෙන බලන්න… ඔබට කිසිවෙකු පවසන යමකට ඔබ දක්වන ප්‍රතිචාරය අනුව එක්කෝ ගුටිකන්න හෝ සාමදානයෙන් ඉන්න ලැබෙන සම්භාවිතාවය රඳා පවතිනවා…

ජීවිතය සරළ කරගන්න හරිම ලේසියි…. අපි බොහෝ දෙනෙකු ජීවිතය විඳිනවා වෙනුවට විඳවනවා…. ලබන ලිපියකින් ජීවිතය සරළ කර ගන්න මම උපයෝගී කරගන්නා Flow Chart එක ප්‍රසිද්ධ කරන්නම්…

අද ඉඳලා… තමන් තමන්ට පණවාගෙන තිබූ දියුණුවට දොර වසන සීමාවන් බිඳ දමන්න පුරුදු වෙන්න…. මුලදි අමාරු වෙයි… පුරුදු වෙනකොට හරියයි……

 

1 thoughts on “සීමාවන් නැති වැට කොටු බැමි නැති ලෝකයක් ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න