මේ ලිපිය ලියැවෙන්නේ මගේ ඉල්ලීමට ඔබ දැක්වූ ප්‍රතිචාරවල ප්‍රතිඵලයක් ලෙසයි… ඉතිරි ඉල්ලීම් කිහිපයත් වෙලාව ඇති විදියට සලකා බලන්නම්…
දැන් හැමෝම නැනෝතාක්‍ෂණය (Nanotechnology) පිළිබඳ කතා කරන්න පටන් අරන්. නැනෝතාක්‍ෂණය කියලා කියන්නේ පරමාණුක සහ අණුක පරිමාණයේදි (Atomic and Molecular Scale) ද්‍රව්‍ය හැසිරවීමයි. නැනෝතාක්‍ෂණයේදී ඒ ත්‍රිමාණ හෝ ද්වි මාන ද්‍රව්‍ය අවම වශයෙන් එක් මානයකදී හෝ නැනෝ මීටර 1ත් 100 ත් අතර පරිමාණයේ තිබීම වැදගත්. මෙහිදී පරිමාණය වැදගත් වන්නේ නැනෝද්‍රව්‍ය (Nanomaterials) වල ගුණ සියල්ල ඒ මත රඳා පවතින නිසා. ඒ කියන්නේ නැනෝ ද්‍රව්‍ය ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ (Quantum Mechanics ) නියම වලට අනුව හැසිරෙන්නේ මෙම පරිමාණය තුළදියි. නැනෝද්‍රව්‍ය එම පරිමාණයෙන් පිටතට ගියවිට හැසිරෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් උසස් යාන්ත්‍ර විද්‍යාත්මක (Classical Mechanics) නියම වලට අනුවයි. එවිට ඒවායේ ගුණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැනටමත් නැනෝතාක්‍ෂණය මිනිස් ජීවිත විශාල පරිවර්තනයකට ලක් කර තිබෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව, ඉලෙක්ට්‍රොණික උපකරණ, ජීව ද්‍රව්‍ය (Biomaterials) බලශක්ති ජනනය, උත්ප්‍රේරක, නව ප්ලාස්ටික්- පොලිමර් (බහුඅවයවික) ආදී විවිධ ක්‍ෂෙත්‍රවල දැනටමත් විශාල ආචරණයක් ඇති කිරීමට නැනෝද්‍රව්‍ය සමත් වී තිබෙනවා.
නැනෝතාක්‍ෂණය පිළිබඳ මුල්ම සිතිවිල්ල 1959 තරම් ඈතට දිවයනවා. කැලිෆෝනියා පොලිටෙක්නික් විශ්ව විද්‍යාලයේදී පැවති අමෙරිකානු භෞතික විද්‍යා සංගමයේ සැසිවාරයකදී භෞතික විද්‍යාඥ රිචර්ඩ් ෆෙයින්මන් විසින් කරන ලද “There’s Plenty of Room at the Bottom” නම් දේශනයේදී මුලින්ම මේ නැනෝ-තාක්‍ෂණය යන වදන ප්‍රකාශ වූ බවයි පැවසෙන්නේ. ඔහු එහිදී පැවසුවේ පරමාණු සහ අණු තනි තනිව හැසිරවීම මගින් ඒවායේ ගුණ පාලනය කර නව ද්‍රව්‍ය තැනිය හැකි බවයි. මේ පිළිබඳ වරින් වර විද්‍යාත්මක සමාජයේ විවිධ කතිකා ඇති වුනත් නැනෝතාක්‍ෂණය විශාල පිම්මක් පැන්නේ 1980 දශකයේ දී සිදු වූ සිදුවීම් කිහිපයක් මතයි. Cluster Science නම් වූ භෞතික විද්‍යාවේ නවතම අංශයක් ඇතිවීම සහ Scanning Tunneling Microscope – STM (සිංහලෙන් පරිලෝකන උමං අන්වීක්‍ෂය විය හැකියි) සොයාගැනීම නැනෝ තාක්‍ෂණය මෙතරම් දියුණු වීමට හේතු වූ ප්‍රධාන කරුණු දෙකයි. එය මීට පෙර දැකිය නොහැකිව තිබූ කුඩා ප්‍රමාණයේ ද්‍රව්‍ය නිරීක්‍ෂණය කිරීමේ වරම විද්‍යාඥයින්ට ලබා දුන්නා. ඒසමඟම වාගේ අමෙරිකාවේ රයිස් විශ්ව විද්‍යලයේ මහාචාර්ය රිචර්ඩ් ස්මෝලි විසින් 1985 දී සොයාගත් ෆුලරීන්, බකිබෝල්, සහ ඊට වසර කිහිපයකට පසු සොයාගත් කාබන් නැනෝටියුබ් ආදිය විද්‍යාත්මක කරලියට පැමිණියා. නැනෝ ස්ඵටික, ක්වොන්ටම් තිත්, Atomic Force Microscope (AFM – පරමාණුක බල අන්වීක්‍ෂය) ආදිය පැමිණීමත් සමඟ සෑම දෙනාම නැනෝතාක්‍ෂණය පිළිබඳ උනන්දු වන්නට පටන් ගත්තා. STM සොයාගත් ජර්මන් භෞතික විද්‍යාඥ ජර්ඩ් බිනින්ග් සහ ස්විස් විද්‍යාඥ හෙන්රිච් රෝරර් මෙන්ම ෆුලරීන් සොයාගත් අමෙරිකානු විද්‍යාඥ රිචර්ඩ් ස්මෝලි ද 1986 වසරේදී පිළිවෙලින් භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවා.
නැනෝතාක්‍ෂණය සඳහා සංකල්ප දෙකක් උපයෝගී කරගන්නවා.
Top Down Approach: විශාල ඒකක කුඩා කරමින් අවසානයේ නැනෝමීටර පරිමාණය දක්වා කුඩා කිරීම මගින් තනාගන්නා නැනෝද්‍රව්‍ය නිපදවීමේ තාක්‍ෂණය සහ
Bottom up Approach : පරමාණුවල සිට නැනෝමීටර පරිමාණය දක්වා විශාල කිරීම මගින් තනාගන්නා ද්‍රව්‍ය නිපදවීමේ තාක්‍ෂණය ලෙසයි
ලංකාවෙත් නැනෝතාක්‍ෂණය මූලික පර්යේෂණ ආරම්භ කරලා ටිකක් කල්. බොහෝ දෙනෙක් නොදන්නවා වුනත් SLINTEC (Sri Lanka Institute of Nano TEChnology) කියලා හඳුන්වන ආයතනයේ මූලික පර්යේෂණ කෙරෙන්නේ මෙම නැනෝතාක්‍ෂණය සම්බන්ධ කරුණු පාදක කරගෙනයි. මෙය ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් මූල්‍ය දායකත්‍වයෙන් තැනුන ලංකාවේ සහ ලොව පුරා වෙසෙන ලාංකික විද්‍යාඥයින් බොහෝ දෙනෙකුගේ දායකත්‍වයෙන් සැදුම්ලත් තැනක්… අපේ බ්ලොග් අවකාශයේ ඉන්න මුදිත (මැද පිළිවෙත) දැන් සේවය කරන්නෙත් එතැන…
Scanning Tunneling Microscope – STM සහ Atomic Force Microscope – AFM සොයාගැනීම නැනෝ තාක්‍ෂණය මෙතරම් දියුණු වීමට හේතු වූ ප්‍රධාන කරුණු දෙකයි. එසේම මේ කරුණු මෙතරම් දියුණු වීම උදෙසා වෙනත් වෙනත් උපකරණ, තාක්‍ෂණ විධි මෙයට දායක වූනා… කෙසේ වෙතත් මේ ක්‍රම සහ විධි තවමත් පවතින්නේ තරමක වර්ධනය වන තත්ත්‍වයක. මේවායේ ක්‍රියාකාරිත්‍වය තවමත් බලාපොරොත්තු වන තරමට වේගවත් නැහැ.මේ නිසාම නැනෝ ලිතෝමුද්‍රණ ක්‍රම මගින් පරමාණු එකතු කර විශාල ව්‍යුහ සදාගන්න Bottom up approach මගින් තරමක සාර්ථකත්‍වයක් ලබා තිබෙනවා. මෙහිදී ඇත්තෙන්ම සිදු කරන්නේ නැනෝද්‍රව්‍ය /චිපයන් වැනි දෑ තනාගැනීමයි… නැනෝ වයර්, අර්ධ සන්නායක වැනි දෑ තැනීමට වෙනත් ක්‍රම භාවිතා වෙනවා. සියුම් පාරජම්බුල කිරණ වර්ණාවලීක්‍ෂ ලිතෝමුද්‍රණ ක්‍රම, ඉලෙක්ට්‍රෝණ කදම්භ ලිතෝමුද්‍රණ ක්‍රම, කේන්‍ද්‍රගත අයන කදම්භ යාන්ත්‍රණ ක්‍රම, පරමාණුක ස්ථර අවසාදනය, වාෂ්ප අවසාදනය වැනි ක්‍රම මගින් ත්‍රිමාණ ව්‍යුහයන් නිර්මාණය කිරීම කරගනු ලබනවා… එසේම ඉහත සඳහන් කළ අන්වීක්‍ෂ භාවිතයෙන් ඒ ඒ ව්‍යුහ සියුම්ව නිරීක්‍ෂණය කිරීම මගින්, මේ ව්‍යුහ නිර්මාණය ස්වයංක්‍රීයව නිරිමාණය වීමට සැලැස්වීම පවා කර තිබෙනවා…
නැනෝ තාක්‍ෂණය විවිධාකාර කටයුතු සඳහා උපයෝගී වෙනවා… නැනෝ අංශුවක සිට, මහා යන්ත්‍රයක ඇති කුඩා ඉලෙක්ට්‍රොණික චිපයක් දක්වා පරාසයක මෙය විහිදෙනවා… දැන් දැන් සෑම ක්‍ෂෙත්‍රයකම වාගේ නැනෝතාක්‍ෂණය උපයෝගී වනවා. ඉලෙක්ට්‍රොණිකව පමණක් නොවෙයි, ජීව විද්‍යාත්මකව, ප්ලාස්ටික්, තීන්ත, ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයේදී, මෙන්ම ආයුධ නිෂ්පාදනය ආදී බොහෝ ක්‍ෂෙත්‍රවල මෙසේ නැනෝතාක්‍ෂණය උපයෝගී වෙනවා. මෙය දැන් දැන් යුධ තාක්‍ෂණික සහ බුද්ධි අංශ තොරතුරු එක් රැස් කිරීමේදී භාවිතා කරන සියුම් උපකරණ තැනීමට වඩාත්ම වැදගත් වනවා. කාර්යක්‍ෂම සූර්ය බලශක්ති පද්ධති සැකසීමට නැනෝ අංශු එබ්බවූ සූර්යකෝෂ තැනීමත් තාක්‍ෂණයේ මහා පිම්මක් ලෙස සැලකිය හැකියි.
නියම ලිපියක්… නමුත් මට තාම මේ වැඩේ වෙන්නෙ කෙහොමද කියල තේරෙන්නෙ නෑනෙ. ඒ ගැන තේරෙන සිංහලෙන් කියවන්න දේවලුත් අඩුයි. පුළුවන් කමක් තියෙනව නම් සරල නැනෝ යන්ත්‍රයක ක්‍රියාවලිය පැහැදිලි කරන්න…
ගොඩක් කාලෙකින්. තව තුන් හතර පාරක් කියවන්න වෙයි හරියටම තේරෙන්නෙ [ඒත් තේරෙයිද මන්ද]
නියමයි අයියේ… සෑහෙන්න වටිනවා… අර නැනෝ රොබෝවරු එහෙම දැනටමත් භාවිතා වෙනවද?
මමත් නැනො තාක්ෂණය ගැන ටීවි වැඩසටහන් වලින් තමයි දැකල තියෙන්නෙ. ඒ හැරුනම වෙන දන්න දෙයක් නම් නැ.
උපකරණයක් කුඩාවට හැදුවම ඒකෙන් ගන්න පුලුවන් ඵලප්‍රයොජන ඩැඩි බව හැබෑව. නැනො සංඝටක එකතු කරල මොනව හරි දෙයක් නිපදවුවාම ඒකෙ කාර්ය්‍යක්ෂමතාව වැඩි වෙන හැටි නම් තෙරුම් ගන්න අමාරුයි.
ඔබතුමාට ඉවර තියෙන වෙලාවක පැහැදිලි කරල දෙන්න.
ස්තූතියි!
මටත් හරේ කියාපු ප්‍රස්නයමයි තියෙන්නේ…
තාම යාන්ත්‍රනය තේරුණේ නෑ ඕකේ…
ඇත්තම කියන්න කම්මැලිකමට පොතක් පතක් කියවලා තේරුම් ගන්නෙත් නෑ නේ..
මුදිත ලංකාවට ආ එක ගැන නම් මටත් බොහොම සතුටුයි…
අපේ මහැදුරු අජිත් ද සිල්වා මහත්තයත් ඔතන යමක් කරනවා නේද…?
ඔව් ඔව්… අජිත් මහත්තයා එතැන Scientific Team Leader. ලොක්කෙක්…. මුදිතත් එතැනමයි වැඩ කරන්නේ…
නැනෝ රොබොට් ලාගේ නැනෝ මැෂින් වල යාන්ත්‍රණය ගැන හොයලා ඊලඟ ලිපියෙන් දාන්නයි හිතන් ඉන්නේ….
මේ වර්ල්ඩ් කප් එකක් නිසා කිසි දෙයක් කෙරෙන්නේ නෑ නේ…..
Nano gana idiriyata igenaganne kohomada? man kiuwe digree 1k ehema ganna nano subject 1k widihata igena ganne kohomada??
Samahara University wala dan Snano karanawa subject ekak widiyata,.. SLINTEC eka contact karala balanna, samaharawita A/L ayata internship opportunities athi…
nano gana subject ekek widihata igena ganne kohomada??
නැනෝ තාක්ෂනය ගැන දැනගන්න අපි තව කැමති. ඒ වයේ ඉදිරි නිපැයුම් ගැන කියන්න පුලුවන්ද
මරු මරු …….. හැබැයි තාම මීටර් උනේ නමි නෑ …… කමක් නෑ ඔය මදෑ……….
නියමයි …… අපිට තව කරුණු තිබුනනමි හොදයි………….
ela ela
අනේ අයියේ ඔයා කරපු වැඩේ නම් එල .මගේ ස්කුල් වැඩ වලට උදව් උනා.ස්තුති.
yes it’s true
thank you very much me wadeta mage school wadeta preyojanawath
සෛලයක් යනු කාල ස්කන්ධයකි.අප්‍රමාණ කාල වර්ග එහි අන්තර්ගතය.අතීතයේ යම් යුගයක මිනිස්සු සෛලයේ ඇති එකිනෙකට වෙලුනු කාල වර්ග දිග හැර එහි ක්‍රියාකාරිත්‍වය නතර කළහ.තවත් පර්යේෂණ කරන විට නැනෝ අංශුවේ ඇති අපමණ කාල ස්කන්ධ සොයාගත හැකිය.